බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

27 May 2019 06:15 am

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ පසුවන පුද්ගලයාගේ බාල සොහොයුරා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 

ගල්තුන්ගල, හැඩිගල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම සැකකරු සන්තකයේ තිබී වෙඩිබෙහෙත් ග්‍රෑම් 900ක් ද හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ආරක්ෂ අංශවලට සම්බන්ධව සිටියේදැයි යන්න පිළිබඳව ද විමර්ශන කටයුතු සිදු කෙරෙන බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත් අඩංගුවට ගත් හපුආරච්චිගේ පවිත්‍ර මධුශංක නම් සැකකරු දැනට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කෙරේ.

මෙම පුද්ගලයා සමඟ දේශපාලනඥයකුගේ සමීප සබඳතාවක් පවතින බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණු නමුත් වැඩිවිස්තර මෙතෙක් අනාවරණය වී නැත.

RN