කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

27 May 2019 07:20 am

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය කේරළ ප්‍රාන්ත ආරක්ෂක අංශ අවධානයෙන් පසුවෙනවා. ඉන්දීය බුද්ධි අංශ වාර්තාවලට අනුව බෝට්ටුවකින් කේරළයේ ‍ලක්ෂද්වීප් දිවයින වෙත ගොස් ඇතැයි පැවසනෙ මෙම පුද්ගලයන් ISIS සංවිධානයට සම්බන්ධ බවටයි බුද්ධි අංශ සැක කරන්නේ.

පසුගිය මැයි 23 වැනිදා සිට ඉන්දීය ආරක්ෂක අංශ මෙම පිරිස සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර කෙසේ වෙතත් තවමත් ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළිදරව් කර ගැනීමට සමත් වී නොමැත.

ISIS සංවිධානයට සම්බන්ධ ත්‍රස්තයන් පිරිසක් ඉරාකයේ සහ සිරියාවේ සිට ඉන්දියාවට පැමිණ සිටින බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙන අතර ඔවුන්ගේ සැලකිය යුතු පිරිසක් කේරළ ප්‍රාන්තයේ සිටින බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් කේරළය බලා ගිය බවට සැක කරන 15 දෙනා ද ඔවුන් සමග එක්ව ඇති බවට සැක කරන අතර ඔවුන් විසින් කේරළය තුළ යම් ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමට සැළසුම් කර ඇති බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට කේරළයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇති බව ප්‍රාන්ත පොලිස් ප්‍රධානීන් සඳහන් කරනවා.