පුවත් - Lanka News Web (LNW)

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව මනාව අවබෝධ කරගනිමින් උතුම් වූ තෙමඟුල, ප්‍රතිපත්තිමය පූජාවට මුල් තැන දෙමින් සැමරීමට බෞද්ධයන් කටයුතු කිරීම වඩා උචිත යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.

ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව දින 180ක් ඇමරිකාවේ ගත කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඇමරිකානු රජය තීරණය කර ඇති බවත් එසේ තීරණය කර ඇත්තේ ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටුවීම සඳහ ශ්‍රී ලංකාවේ රජය එකඟවීම නිසා බවත් පසුගිය 16 වනදා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

"ඇමති රුවන්ගේ රථගාය සහ ආණ්ඩුවේ ආරක්ෂාව" මැයෙන් ලංකා නිව්ස් වෙබ් අප පළ කළ පුවතට අදාළව පැහැදිලි කිරීමක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් සිදු කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ජාතික න්‍යාය පත්‍රයෙන් මඳක් පහළට දමා ජාතික ආරක්ෂාවට මුල් තැන ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මඩකලපුවේ ඉදිකර ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය උපාධි ප්‍රදානය කරන ආයතනයක් වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගැසට් කර නොමැති නිසා එය රජයට පවරා ගැනීමේ හැකියාවක් නීත්‍යානුකූලව නොමැති බව එම ආයතනයේ හිටපු සභාපති, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පවසයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරවලින් තෝරාගත් සිරකරුවන් 762 ක් ජනපති පොදු සමාව යටතේ හෙට (18) දිනයේදී නිදහස ලැබීමට නියමිතය.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදි කිරීම සදහා මහජන මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව අද (17) අභියාචනාධිකරණ හමුවේ හෙළි කෙරිණි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb