පුවත් - Lanka News Web (LNW)

ගාමිණී දිසානායක පදනමෙහි නව ප්‍රධාන කාර්යාලය 2019 මැයි මස 16 වන (අද) දින සුබ මොහොතින් විවෘත කරන ලදී. නව ප්‍රධාන කාර්යාලය කොළඹ 03, නො. 45, බ්ලූ ඕෂන් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලේ 01 වන මහලේ ස්ථාපිත කර ඇත.

මුස්ලිම් දේවස්ථාන සෝදිසි කිරීමේත් සීමාවක් තිබිය යුතු බවත් එය ඉක්මවා කටයුතු නොකළ යුතු බවත් ඒ සියල්ල පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට දැන් විශ්වාසභංග යෝජනා ගෙන එන අයම 2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණ සමයේදී ඔහු ඉදිරියේ වැඳ වැටුණු ආකාරයත් වැඳ වැඳ ලංසු ඉදිරිපත් කළ ආකාරයත් පිළිබඳ තමන් සියල්ල දන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

ඉරානයේ ඉස්ලාම් විශ්ව විද්‍යාලයක ශාඛාවක් ලෙස බදුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපාධි ප්‍රදාන ආයතනයක් තහනම් කිරීමේ යෝජනාවකට ඌව පළාත් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් එය ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුළම මත දෙකක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් දින 21කට පසුව ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩක්‍රියා පසුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බවට සැක මතුවන්නේයැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවත් එම පැමිණිල්ල විභාග කර නීතිය ක්‍රියාත්මක නොවුණහොත් ඉන් පෙනීයනු ඇත්තේ ඔහු අමාත්‍ය ධුරයක් දැරීම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන ආකාරයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් සඟවා තැබූ බව කියන ආයුධ කිහිපයක් ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය.

"අපි අපේ දරුවන්ට භාර දෙන්න යන්නේ කොයි වගේ රටක්ද? ලංකාවේ අපි ප්‍රධාන ආගම් හතරෙන් යුතු පින් බිමක් මේක. අපේ අසමානකම් හොයා ගෙන ගිහින් රණ්ඩු කරලා දරුවන්ට ගැටුම් සහිත අනාගතයක් භාර දෙනවද? නැත්නම් මේ ආගම් හතරේ තියෙන සමානකම් හොයාගෙන ගිහින් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හැටියට භාර දෙනවද?" යන්න තීරණය කළ යුතුව ඇතැයි හිටපු  අමාත්‍ය ඉමිතියාස් බකීර් මකාර් මහතා පැවසීය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb