පුවත් - Lanka News Web (LNW)

අද මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යස්ත මතධාරීන් ලෙස තම පාර්ශවය සමස්ත සමාජයට තවමත් හරි හැටි කතා කර නොමැති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පිළිගත්තේය. 

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි පිරිනැමීම සඳහා අද (16) මීගමුවේ පැවති උත්සවයකදී, වන්දි ගෙවීම හරහා දේශපාලකයින් ප්‍රචාරක වාසි ලබාගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වන්දිලාභීන් පිරිසක් පිටව ගොස් තිබේ.

සාමකාමීව ක්‍රියා කළ යුතු අවස්ථාවක ඇතැම් දේශපාලකයන් හැංගි හොරා සහ සෘජුව කර තිබෙන මැදිහත්වීම් ගැන ලැජ්ජාවට පත්වන බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසල් දින 04ක් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අද (16) දිනයේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අන්තවාදී සහ ත්‍රස්ත කටයුතු දියත්කළ පාර්ශවයන් සමඟ කටයුතු කිරීම ගැන තොරතුරු වාර්තා වී ඇති පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු වන එම්. ඉසෙඩ්. එම් . රිස්වාන් (MZM ) රිස්වාන් නැමැත්තාව ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සැකසූ විශ්වාසභංග යෝජනාව අද (16) කථානායකවරයාට භාර දී තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසකගේ සහයෝගයෙන් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (16) කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 අතරින් කෙනෙකි 22 හැවිරිදි නීතිවේදී අලවුදීන් අහමෙඩ් මුවාත්. කොච්චිකඩේ ශාන්ත ඇන්තනී දේවස්ථානයට මරාගෙන මැරෙන රැගෙන ආ තැනැත්තා මොහුය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb