පුවත් - Lanka News Web (LNW)

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් අතරින් මොහොමඩ් රීබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවකයින් නව දෙනෙකු අධිකරණයෙන් ඇප මත නිදහස් කර ඇත්තේ පොලිස් විරෝධතා නොතකමින් බවටත් එය නඩු වාර්තා සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ගාමිණී හේවාවිතාන මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (16) කථානායකවරයාට භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් නම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන නායකයාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) මඟින් අත් අඩංගුවට ගෙන සිටි ඩෑන් ප්‍රියසාද් නමැත්තාව ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියම කළේය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ජාතිවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා ඊයේ (15) මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට කැඳවා තිබුණ ද ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොමැති බව වාර්තා වේ.

ආගමික අන්තවාදයෙන් බිහිවන ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන් නවාතැන් ගෙන සිටි ආරක්ෂිත නිවාස 17 ක් හා පුහුණුවීම් සහ වැඩමුළු පැවැත් වූ ස්ථාන 07ක තොරතුරු අනාවරණ වී තිබේ.

ජාතිවාදී ගැටුම් ඉදිරියට සිදුනොවීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමේ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

මුස්ලිම් නායකයන් මෙතෙක් සිදුකළේ තමන්ගේ ජනතාවට නායකත්වයක් දීම නොව දේශපාලන පක්ෂ සහ තම උදර පෝෂණය කරගැනීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා මහතා පැවසීය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb