පුවත් - Lanka News Web (LNW)

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස හඳුන්වා ගන්නා නාමල් කුමාර නමැත්තා වරකාපොල පොලිසිය විසින් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිද් ජමාත් ඇතුළු අන්තවාදී සංවිධාන තුනක් තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අප්‍රේල් 21 වනදා සිට මේ දක්වා ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්වය තුළ දැනුවත්කමින්ම වගකීම් ඉටු නොකළ වර්තමාන ආණ්ඩුවේ නායකයින් ඇතුළු ඊට අනුබල දුන් සියලු දෙනාටම අනාගතයේදී දඬුවම් දීම තමන්ගේ වගකීමක් ලෙස සලකා කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මුළු දිවයිනටම බලපාන පරිදි ඊයේ (13) රාත්‍රී 09.00 සිට අළුයම 04.00 දක්වා පනවා තිබුණු පොලිස් ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන බවත් ඔවුන් වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවම් පැනවෙනු ඇති බවත් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.

වයඹ පළාත තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇති කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීමේ චෝදනාව යටතේ බිංගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 06 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පොලිස් ඇප මත නිදහස් කරවාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමේ තීරණයට තමන් පෞද්ගලිකවම විරුද්ධ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb