Hikvision වෙතින් එන EZVIZ කැමරා ආරක්ෂණ පද්ධති IT Gallery වෙතින් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි - Lanka News Web (LNW)

Hikvision වෙතින් එන EZVIZ කැමරා ආරක්ෂණ පද්ධති IT Gallery වෙතින් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නමයක් වන Hikvision සමාගමෙහි මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය විසින් EZVIZ ස්මාර්ට් නිවාස කැමරා ආරක්ෂණ පද්ධතිය පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවශ්‍රීයෙන් අතිසාර්ථකව පවත්වන ලදී.

ලොව ආරක්ෂක කැමරා සහ උපාංග නිෂ්පාදනයෙහි අංක එකේ රැඳී සිටින Hikvision සමාගම ආරක්ෂක කැමරා පද්ධති ඩිජිටල්කරණය, ජාලකරණය සහ කෘත‍්‍රිම බුද්ධිය මෙහෙයවීම ආදී නවීන උපාංග රැසක් හඳුන්වාදීමෙහි ලා ප‍්‍රමුඛව කටයතු කරන ආයතනයකි. එහි අනුබද්ධිත සන්නාමයක් වශයෙන් මෙම නවතම EZVIZ නිවාස ආරක්ෂණ පද්ධතිය මෙරටට හඳුන්වා දෙනු ලැබීය. මෙම නවතම සන්නාමය යටතේ තොරතුරු ගබඩාකරණ විසඳුම්, ස්මාර්ට් නිවාස විසඳුම් EZVIZ වයර් සහිත සහ වයර් රහිත wireless එලාම් පද්ධති Pyronix මෙන්ම දත්ත හුවමාරුකරණ උපකරණ හා මාධ්‍ය ආදී අංග රැසක් ද මේ යටතේ හඳුන්වා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා EZVIZ නිවාස ආරක්ෂන පද්ධති මෙරට බෙදාහැරීමේ ප‍්‍රමුඛයින් වන IT Gallery ආයතනයට අනුබද්ධිත ප‍්‍රාදේශිය නියෝජිතවරුන් එක්ව සිටි අතර අදාළ ක්ෂේත්‍රෙයේ ඉදිරිපත් කිරීම් හතරකින්ද මෙම අවස්ථාව සමන්විත විය. තවද Hikvision කැමරාවලට අදාළ වන TVI"IP"EZVIZ සහ ගබඩාකරණ තාක්ෂණය ද, CCTV වලට අදාළ නොවන අනිකුත් නිෂ්පාදන රැසක් පිළිබඳව ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.

ගෙවුණු වසර පුරා දක්ෂතා දැක්වූ සිය සමාගමට අනුබද්ධිත නියෝජිතයින් ඇගයීමද මෙහිදී සිදුකෙරුණු අතර ඒ සඳහා දිවයින පුරා සිටින සිය නියෝජිතවරුන් 350 කට අධික පිරිසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාව ඇමතූ IT Gallery කොම්පියුටර්ස් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත පෙරේරා මහතා සඳහන් කළේ Hikvision සන්නාමය ලොව විශාලතම ආරක්ෂිත කැමරා සහ උපාංග නිෂ්පාදකයා ලෙස දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කීර්තිමත් නාමයක් දිනා ඇති බවයි.

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...