DLB ගම්පහ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයින්ට නවතම අලෙවි කුටි - Lanka News Web (LNW)

DLB ගම්පහ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයින්ට නවතම අලෙවි කුටි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හදවත බඳු අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් පසුගිය 05 වැනිදා ගම්පහ ප‍්‍රදේශයේදී ක්‍රියාවට නැංවුණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැඳගෙන සිටින ගම්පහ දිස්ත‍්‍රික්කයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහා නව අලෙවි කුටි 79 ක් බෙදා දීම ගම්පහ මහ නගර සභා ක‍්‍රීඩාපිටියේදී සිදුවිය.

රුපියල් 43,000 ක් වටිනා ලොතරැයි අලෙවි කුටියක් සඳහා අදාළ වටිනාකමින් 50% ක් අය කර ගනිමින් මෙම අලෙවි කුටි බෙදා දීමේ සත්කාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දියත් කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා සහ අලෙවි නිලධාරී මලින්ද බලගල්ල මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

lottery 1

lottery 2

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...