සිංගර් ශ්‍රී ලංකා සහ Intel එක්ව NUC විසඳුම් එළිදක්වයි - Lanka News Web (LNW)

සිංගර් ශ්‍රී ලංකා සහ Intel එක්ව NUC විසඳුම් එළිදක්වයි

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයින් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හා Intel එක්ව මෙරට ප්‍රථම වරට NUC Solutions Day පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පවත්වනු ලැබීය.

මෙම උත්සවය සිංගර් ශ්‍රී ලංකා පීඑල්සීහි වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතාගේ, Intelහි නේවාසික ව්‍යාපාර කළමණාකරු එෆ් හුසේන් සහ සිංගර් සමාගමේ කළමණාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සිංගර් ශ්‍රී ලංකා සහ Intel ශ්‍රී ලංකා එක්ව “NUC Solutions Day-Sri Lanka” සංවිධානය කළේ සිය පාරිභෝගිකයින් Intelහි නවතම කුඩා පරිගණක ඒකකය වන NUC පිළිබඳ දැනුවත් කිරීම සඳහා ය. NUC ඒකක සඳහා මෙරට ආයතන රැසකින් සිංගර් ශ්‍රී ලංකාහි ආයතනික අලෙවි අංශය වෙත ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. පසුගිය කාර්තුවට පෙර සිංගර් ශ්‍රී ලංකා NUC අලෙවියෙන් වාර්තා පිහිටුවා තිබේ. සිංගර් ශ්‍රී ලංකාහි ආයතනික අලෙවි අංශය සිංගර් වෙතින් අලෙවි කරන ජාත්‍යන්තර උසස් නිෂ්පාදන රැසක් අලෙවි කරමින් සහ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් ලබාදෙමින් පාරිභෝගික විශ්වාසය තහවුරු කරගෙන සිටියි.

Intel NUC (NEXT Unit of Computing) අධිබලැති අඟල් 4X4 කුඩා පරිගණක ඒකකයක් වන අතර රසවින්දනය, ක්‍රීඩා, පලදායිතා පහසුකම් ආදී විශේෂාංග රැසකින් සමන්විත ප්‍රමාණවත් මතක ධාරිතාවකින් සහ මෙහෙයුම් පද්ධතියකින් යුතු උපාංගයකි.

සිංගර් ශ්‍රී ලංකා හි වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රමුඛ තාක්ෂණික නව්‍යතා සමඟින් නිරතුරුවම වර්ධනය වන සමාගමක් වශයෙන් මෙරට ආයතනික පාරිභෝගිකයා වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකා මෙම “NUC Solutions Day-Sri Lanka” සංවිධානය කිරීම සඳහා මැදිහත් වූ බව පැවසීය. මෙරට ආයතනික ඉල්ලුම සඳහා අවශ්‍ය Intel NUC (NEXT Unit of Computing) සහ ජාත්‍යන්තර ප්‍රමුඛතම සන්නාම වලින් යුතු පරිගණක සහ උපාංග සිය ආයතනික අලෙවි අංශය ඔස්සේ වගකීමක් සහිතව අලෙවි කෙරෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

Intel NUC පරිගණක ඒකක ඉතා වේගයෙන් ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින අතර ආයතිනක අවශ්‍යතා පමණක් නොව ගෘහස්ථ අවශ්‍යතා සඳහා සහ රසවින්දන මෙන්ම ක්‍රීඩා සඳහාද මෙම NUC පරිගණක ඒකක භාවිත කිරීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතියි. kiosk displays vending machines, Point of Sale (POS), බැංකු ආදී ඩිජිටල් ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මහා පරිමාණ පද්ධති මෙන්ම කුඩා ව්‍යාපාර සඳහා වන කුඩා පරිමාණයේ පද්ධති සඳහා ද NUC පරිගණක ඒකක යොදාගන්නා අතර හෝම් තියටර් පද්ධති සහ “personal cloud” ලෙස ද මෙම NUC පරිගණක ඒකක භාවිත කරනු ලබයි.

Intel හි නේවාසික ව්‍යාපාර කළමණාකරු එෆ් හුසේන් මහතා මෙහිදී සඳහන් කළේ සාමන්‍ය පරිගණකයක බලය දෑතට ගත හැකි නවතම කුඩා පරිගණක ලෙස Intel NUC පරිගණක ඒකක හඳුන්වා දෙන බවයි. Intel හි නිපදවන නවතම පරිගණක සිංගර් ශ්‍රී ලංකා විසින් ඔබේ නිවසට හෝ කාර්යාලයට රැගෙන එනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. මීට වසර කිහිපයකට පෙර මෙම තාක්ෂණයෙන් උසස් උපාංගය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් බවත් මේ වනවිට ඒ සඳහා ඉහළ ඉල්ලුමක් මෙරට ඇතිවී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙරට තාක්ෂණික උපංග අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රමුඛ තත්වයේ භාණ්ඩ රැසක් මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දී තිබේ. 420කට අධික අලෙවි සැල්වලින් සමන්විත සිය දීප ව්‍යාප්ත බෙදාහැරීම් ජාලය සහ 2800 කට අධික නියෝජිත ජාලය මෙන්ම ඊට සමගාමී අලෙවියෙන් පසු සේවා ජාලය ඔස්සේ පාරිභෝගිකයා වෙත උසස්තම සේවාවක් සැපයීමට සිංගර් ශ්‍රී ලංකා සමත් වී තිබේ. අඛණ්ඩව වසර 12 ක් තිස්සේ “ජනතාවගේ සන්නාමය“ ලෙස සම්මානයට පාත්‍ර වූ සිංගර් ශ්‍රී ලංකා වසර ගණනාවක් තිස්සේ සම්මාන රැසක් ජයග්‍රහණය කර තිබේ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

කරුණු විකෘති කරන්න් එපා - ජර්මන් තානාපති ‌‌මෛත්‍රීට කියලා

දෙසැම්බර් 6, 2018

ජර්මනියේ මාස 06 ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය...

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

ජනාධිපති සිරි‌සේන හාන්සි කරවන රජිත් කීර්තිගේ ලීක්වුණු කෝල් එක මෙන්න

දෙසැම්බර් 6, 2018

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාල සම්පූර්ණ වාර්තාව තමන් කියවූ බව රාජ්‍ය...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...