සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් සමාජ සත්කාරයක් කළුතරදී - Lanka News Web (LNW)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් සමාජ සත්කාරයක් කළුතරදී

පුංචි රුපියල් විස්සකින් ඔබේ ජීවිතයේ වාසනාවේ ගණුදෙනුව සිදුකරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමාජයට උරුම කරන්නේ වාසනාවම පමණක් නොවේ.

 මුදලකට මිල කළ නොහැකි අමිල සේවාවන් රැසක් ඉටු කරමින් වාසනාවේ පණිවිඩය ඔබ වෙත ගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමාජ සත්කාරයන් වෙනුවෙන් පෙරමග ගන්නේ ස්වෙච්චාවෙනි. එවන් වූ මෙහෙවරයන් පෙළකට අද දිනත් නැවුම් වූ සමාජ සත්කාරයක් එක් කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකිවිය.

මල් මෙන් සොදුරු නොවූ ජීවිත අරගලය දිනන්නට දැඩි හිරු රශ්මියට නිරාවරණය වෙමින් කළුතර බෝධිය අසල මල් විකුණන බහුතරයක් කාන්තාවන් වූ අලෙවි පිරිස වෙනුවෙන් හිසට සෙවණක් ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකිවිය.

මෙතෙක් කලක් දවස මුළුල්ලේ වැටෙන අව්වටත් ඉදහිට වැටෙන වැස්සටත් තමන්ගේ හිස සෙවණක් කර ගත් මෙම පිරිසට අද සිට කුඩයකින් ආවරණය වූ සෙවණක තම වෙළදාම් කටයුතු ගෙන යා හැකිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවියගේ සහභාගීත්වයෙන් සිදුවූ මෙම සත්කාරය තුළින් මල් වෙළදාමෙහි යෙදෙන මහත්ම මහත්මීන් විසි දෙනෙක් සදහා නොමිලේ හිසට සෙවණක් කළුතර බෝධිය ඉදිරිපිටදී හිමිවිය.

ඔබ හොදින් දන්නා හදුනන ඔබේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තමන් නොදන්නා මෙවන් වූ මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සිදු කරන මෙම සත්කාරයන් අද මෙන්ම හෙටත් ඔබේ පුංචි රුපියල් විස්සට වැඩිම වටිනාකමක් ගෙන එනු නොඅනුමානය.

dlb 01

dlb 02

 

 

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

ශ්‍රී ලංකාවේ පිපිරීම් : ජනාධිපතිට විවේචන - පොලිසිය යළි සාගලට !

අප්‍රේල් 22, 2019

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...