"සෙලාන් ටිකිරි" පහේ ශිෂ්‍යත්වයේදී විශිෂ්ට දක්ෂතා පෙන්වූ ටිකිරි ගිණුම් හිමියන්ට වටිනා ත්‍යාග! - Lanka News Web (LNW)

"සෙලාන් ටිකිරි" පහේ ශිෂ්‍යත්වයේදී විශිෂ්ට දක්ෂතා පෙන්වූ ටිකිරි ගිණුම් හිමියන්ට වටිනා ත්‍යාග!

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ළමා ඉතුරුම් ගිණුම වන ‘සෙලාන් ටිකිරි’ ගිණුම් හිමි, 5 වසර ශිෂ්‍යත්වයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරු දැරියන්ට රු. 100,000/- බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට සෙලාන් බැංකුව පසුගියදා කටයුතු කළේ ය.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු දිවයිනෙන්ම දෙවැනි ස්ථානය හිමිකරගත් මිනුවන්ගොඩ රෙජී රණතුංග ප‍්‍රාථමික පාසලේ එච්. ඒ. සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි සහ චාවකච්චේරි ප‍්‍රාථමික පාසලේ නවස්කන් නාති යන සිසුවියන් වෙත රු. 100,000/- ක මුදල් ත්‍යාග බැගින් ලබා දුන් අතර තවත් ත්‍යාග රැසක්ද පිරිනමන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප‍්‍රධානී ගාමික ද සිල්වා මහතා සඳහන් කළේ අධ්‍යාපනය යනු ලෝකය වඩාත් යහපත් අතට වෙනස් කිරීමේ හැකියාව ඇති බලවත්ම අවිය බවයි. එමගින් දරුවන්ට තමන්ගේ යහපත මෙන්ම සමස්ත රටේ සහ ලෝකයේම දියුණුව සාක්ෂාත් කරදීම සඳහා දායක වීමට හැකියාව ලැබෙන බවත් අතීතයේ පටන්ම අප ශිෂ්‍යත්වයෙන් විශිෂ්ට දක්ෂතා දක්වන සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරු දැරියන්ට ත්‍යාග පිරිනමන්නේ ඔවුන් අධ්‍යාපනය කෙරෙහි තවතවත් උනන්දු කරවීමට බවත් ඔහු ප්‍රකාශ කළේය.

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස, අනාගතයේදී රටේ සැබෑම සම්පත් බවට පත්වන මේ දරු පරපුර දිරිමත් කිරීම අපගේ යුතුකමක් බවයි ගාමික ද සිල්වා මහතා අවධාරණය කළේ.

මෙරට ප‍්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි, දරුවන් අතර කියවීමේ පුරුද්ද සහ ඉතිරි කිරීමේ පුරුද්ද වැනි වටිනා ගුණාංග වර්ධනය කරවමින් සමාජ වටිනාකම්වල අගය ඔවුන්ට පෙන්වා දීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකරයි.

එමෙන්ම ‘සෙලාන් ටිකිරි ලෝක ළමා මාසය’ නමින් සුවිශේෂී වැඩසටහනක් ප‍්‍රථම වරට දියත් කළ සෙලාන් බැංකුව එමගින් දරුවන්ට මාසයක් පුරා සුවිශේෂී මතක රැසක් තිළිණ කර දීම සඳහා දිවයින පුරා වැඩසටහන් රාශියක් ක‍්‍රියාවට නංවමින් සිටී.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...