ආබාධිත අලෙවි සහයකයන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් "ට‍්‍රයිසිකල්" - Lanka News Web (LNW)

ආබාධිත අලෙවි සහයකයන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් "ට‍්‍රයිසිකල්"

විවිධ ශාරීරික ආබාධ සහිත අලෙවි සහකයින් සදහා ට‍්‍රයිසිකල් ලබා දීමේ වැඩසටහනේ පස්වන අදියර නොවැම්බර් 10 වන දින කුරුණෑගලදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග එක්ව කටයුතු කරන කුරුණෑගල දිස්ත‍්‍රික් ආබාධිත අලෙවි සහයකින් හය දෙනෙක් සදහා එහිදී නොමිලේ ට‍්‍රයිසිකල් ප‍්‍රදානය කර ඇත.

ආබාධිත තත්ත්වයන්ගෙන් පසුවන අලෙවි සහයකයන් සදහා පහසුවෙන් ගමන් කළ හැකි ආකාරයෙන් මෙම ට‍්‍රයිසිකල් නිපදවා තිබේ.

එම ට‍්‍රයිසිකල් අදාළ ආබාධිත අලෙවි සහයකින් වෙත ප‍්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගලදී සිදුවිය.

කුරුණෑගල දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත අචලා නානායක්කාර මහත්මියගේ සංවිධාන දායකත්වයද ඇතිව සිදුකළ මෙම සමාජ සත්කාරය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා අලෙවි උපදේශක විජය සමරනායක මහතා ඇතුළු අලෙවි නිලධාරීන්ද සහභාගී විය.

lottery 01

lottery 02

නවතම පුවත්

මැයි 27, 2019

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය…

මැයි 27, 2019

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ…

මැයි 27, 2019

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයෙන් අලුත් යෝජනාවලියක්

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb