HUAWEI Mate 20 ජංගම දුරකථන මාදිලි පෙළ ශ්‍රී ලංකාවට - Lanka News Web (LNW)

HUAWEI Mate 20 ජංගම දුරකථන මාදිලි පෙළ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන HUAWEI, ලොව ජංගම දුරකථන කර්මාන්තය පෙරළියකට ලක් කළ සිය Mate 20 මාදිලි පෙළ පසුගියදා උත්කර්ෂවත් ලෙස මෙරටට හඳුන්වා දුන්නේය.

HUAWEI මෙරට ප්‍රධානී පීටර් ලියු, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ජගත් පෙරේරා සහ ඩයලොග් ආසියාටා සමාගමේ උපාංග ව්‍යාපාර ප්‍රධානී, ජංගම විදුලි සංදේශන අංශයේ සමූහ ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානී අයෝමාල් ගුණසේකර, මොබිටෙල් සමාගමේ දත්ත, උපාංග සහ ව්‍යවසාය ක්‍රමෝපාය අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර යසිරු අබේගුණවර්ධන මෙන්ම අලෙවි නියෝජිතයන් සහ තවත් සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම උළෙලට සහභාගී වූහ. වෘත්තීය මලල ක්‍රීඩක දිනේෂ් දෙහෙරගොඩ සහ ආයතනික ප්‍රධානියෙකු මෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු ද වන ආචාර්ය විකුම් සේනානායක යන මහත්වරු ද මේ සඳහා සහභාගී වී සිටියහ.

'ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තය පෙරළිකාර වෙනසකට ලක් කළ HUAWEI Mate 20 මාදිලි පෙළ මෙරට ජනතාවට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. උසස් බුද්ධිමය තාක්ෂණයෙන්, අසමසම බැටරි කාලයකින් සහ තාක්ෂණයෙන් අනූන කැමරා පද්ධතියකින් යුතු මෙම මාදිලි පෙළ පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරවන සහකරුවෙකු ලෙස ගොඩනගා තිබෙනවා' යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ HUAWEI සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා සඳහන් කළේය.

HUAWEI Mate 20 මාදිලි පෙළ අඟල් 6.53 සහ 6.39 යන දර්ශන තිරවලින් වෙළඳපලට නිකුත් කර ඇති අතර HUAWEI Mate 20, HUAWEI Mate 20 Pro සහ PORSCHE DESIGN HUAWEI Mate 20 RS යන මාදිලි තුනකින් එම මාදිලි පෙළ සමන්විත වේ. HUAWEI සමාගම හඳුන්වා දී ඇති ඉහළම කාර්යසාධනයෙන් යුතු ලොව ප්‍රථම Kirin 980 හා 7nm තාක්ෂණයෙන් යුතු ප්‍රොසෙසරය මෙම මාදිලි පෙළ සඳහා අන්තර්ගත වේ.

නවත ම 40W HUAWEI SuperCharge තාක්ෂණය මෙන්ම Mate 20 දුරකථනයේ 4000mAh සහ Mate 20 Pro 4200mAh ප්‍රබල බැටරි හේතුවෙන් අසමසම බැටරි කාලයක් පාරිභෝගිකයාට හිමිකර දෙයි.

කැමරා හතරකින් යුතු කැමරා පද්ධතියේ 16mm Leica Ultra-Wide Angle Lens මගින් දර්ශන සඳහා පුළුල් බවක් සහ ත්‍රිමාණ බවක් හිමිකර දෙයි. තවද කැමරා කාචයට සෙ.මී 2.5ක් තරම් සමීපව ඇති වස්තූන් පවා සුපැහැදිලි ලෙස ඡායාරූපගත කිරීමේ හැකියාව ද මෙම නවතම කැමරා පද්ධතිය සතුය. මෙම පහසුකම් නිසා ම මෙම කැමරා පද්ධතිය ඕනෑම පසුබිමක් ඡායාරූපගත කළ හැකි සියලු විශේෂාංගවලින් සමන්විත කැමරා පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය.

HUAWEI Mate 20 Pro ජංගම දුරකථනය 40MP lens එකකින් සහ 20MP Ultra Wide-Angle lens එකකින් ද, 8MP Telephoto lens එකකින් ද සමන්විත වේ. මෙම කාච ත්‍රිත්වය 16-270mm zoom කාචයක ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් ලබාදෙන අතර වෘත්තීය කැමරාවල ඡායාරූපවලට ආසන්න ප්‍රමිතියකින් යුතු ඡායාරූප ලබා ගැනීමේ පහසුව ලබාදෙයි.

HUAWEI Mate 20 මාදිලි පෙළ AI Portrait Color video පහසුකමින් ද යුතුවන අතර ඒ හරහා වීඩියෝගතවන පුද්ගලයා පමණක් කැපී පෙනෙන අයුරින් එම පුද්ගලයාගේ පසුබිම වර්ණ අඩු කිරීමට හැකිවේ. HUAWEI Mate මාදිලි පෙළෙහි පොදු ලක්ෂණයක් ලෙස FullView දර්ශන තිරය හඳුනාගත හැකිය. සෑම දුරකථනයක් ම පහසුවෙන් තනි අතින් භාවිත කළ හැකි ලෙස නිමවා ඇත. පිටුපස Hype Optical Pattern වීදුරු නිමාව නිසාම ජංගම දුරකථන සඳහා ආකර්ෂණීය නිමාවක් හිමිවී ඇත.

Android P. EMUI 9.0 මෙහෙයුම් පද්ධතිය මත ගොඩනගා ඇති EMUI 9.0 ස්මාර්ට් මෙහෙයුම් පද්ධතිය HUAWEI Mate 20 මාදිලි පෙළෙහි භාවිතය තවත් ආකර්ෂණීය සහ පහසු කරවයි. නවත ම Gesture Navigation පහසුකම නිසා පාරිභෝගිකයන් හට සරළ ටැප් සහ ස්වයිප් කිරීම් මගින් ජංගම දුරකථනයේ කාර්යයන් ඉටුකර ගත හැකිය. HUAWEI Mate 20 මාදිලි පෙළෙහි ඇති කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණය හේතුවෙන් විවිධ ආහාර වර්ග හඳුනා ගැනීමටත් ඒවායේ ඇති කැලරි ප්‍රමාණය ගණනය කිරීමටත් හැකිවී ඇත. 3D Live Object Modeling තාක්ෂණය මගින් අජීවී වස්තුවක් ත්‍රිමාණ ලෙස සජීවීකරණය කිරීමේ හැකියාව ද හිමිකර දී ඇත.

ඕනෑම උපාංගයක් සහ මෙවලමක් හරහා ක්ෂණිකව සහ පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීම සඳහා HUAWEI Share 3.0 තාක්ෂණයෙන් මෙම මාදිලි පෙළ සවිබල ගන්වා ඇත. මෙය HUAWEI සමාගම විසින් පාරිභෝගිකයන් ඡායාරූප සහ වීඩියෝ හුවමාරු සිදු කරන ක්‍රමවේදය පෙරළියකට ලක්කරමින් හඳුන්වා දෙන ලද විසඳුමකි. වසරක වගකීමක් සමගින් වෙළඳපලට පිවිසෙන HUAWEI Mate 20 මාදිලි පෙළ ඕනෑම HUAWEI මධ්‍යස්ථානයකින් හෝ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිකරුවෙකු වන සිංගර් ශ්‍රී ලංකා මධ්‍යස්ථාන වෙතින් හෝ මිලදී ගත හැකිය. තවද, ඩයලොග් සහ මොබිටෙල් මධ්‍යස්ථානද මෙම නවතම ජංගම දුරකථන පෙළ අලෙවිකරණ කටයුතු සිදු කරන අතර HUAWEI Mate 20 දුරකථනය රු. 124,000 කටද HUAWEI Mate 20 Pro දුරකථනය රු. 174,900 කටද මිල කර ඇත. මෙම ජංගම දුරකථන 6GB RAM + 128GB ROM තාක්ෂණයෙන් මිලදී ගත හැකි අතර PORSCHE DESIGN HUAWEI Mate 20 RS දුරකථනය 8GB RAM + 256GB ROM තාක්ෂණයෙන් යුතුව රු. 299,900 කට මිලදී ගත හැකිය.

IDC ශ්‍රේණිගත කිරීම් අනුව සිය තරගකාරී ජංගම දුරකථන සන්නාමය අභිබවා යමින් HUAWEI ලොව ස්මාර්ට් ජංගම දුරකථන අතර දෙවන ස්ථානයට පත්ව තිබේ. මෑතකදී නිකුත් කරන ලද GfK වාර්තාවට අනුව HUAWEI ශ්‍රී ලංකාවේ අංක 1 ස්ථානය රැඳෙන්නට සමත්ව සිටී. 2018 වසරේදී BrandZ’sTop වඩාත් වටිනා ම ගෝලීය සන්නාම 100 අතර 48 වන ස්ථානයේද, Forbes ලොව වඩාත් වටිනා ම සන්නාම අතර 79 වන ස්ථානයේද, Brand Finance වඩාත් වටිනාම සන්නාම 500 අතර 25 වන ස්ථානයේද රැඳෙන්නට HUAWEI සමත්ව සිටී. ඊට අමතරව HUAWEI සමාගම Interbrand විශිෂ්ටතම ගෝලීය සන්නාම ලැයිස්තුවේ 68 වන ස්ථානයේ ද Fortune 500 ශ්‍රේණිගතකිරීම්හි 83 වන ස්ථානයේ ද රැඳෙයි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...