විදෙස් ණය ගෙවීමට ලංකා, මහජන, ජා.ඉ.කි. බැංකුවලින් ඩොලර් බිලියනයක් - Lanka News Web (LNW)

විදෙස් ණය ගෙවීමට ලංකා, මහජන, ජා.ඉ.කි. බැංකුවලින් ඩොලර් බිලියනයක්

2019 වසර සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක ණය වාරිකය ගෙවීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර ඇති බව ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.

 

ඒ සඳහා හම්බන්තොට වරාය ගනුදෙනුවෙන් ඉතිරි වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 650ක මුදල යොදාගත හැකි බව පැවසූ ඒ මහතා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන බැංකුවලින් ඇමරිකානු ඩොලර් මිලියන 1000ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනයෙන් සහ චීන සංවර්ධන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබාගෙන මෙම ණය වාරික ගෙවීමට සැලසුම් කර ඇති බවයි සඳහන් කළේ.

2019 වසර සඳහා ණය වාරිකයෙන් ඩොලර් මිලියන 1000ක් ලබන ජනවාරියේ ගෙවිය යුතුව ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 500 අප්‍රේල් මාසයේදී ගෙවිය යුතුව තිබේ.

ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගැටළුවක් නොමැති බව පෙන්වා දුන් ඒ මහතා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා විනය නිසි ලෙස පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක සංචිතයක් ඇති බව පැවසූ මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ණය වාරික ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව කිසිවෙකුත් කිසිදු චකිතයක් ඇති කරගත යුතු නොවන බව ද ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...