Ikman.lk ගෙවීම් කටයුතුවල පහසුවත් ආරක්ෂාවත් වෙනුවෙන් ikman Pay හඳුන්වාදෙයි - Lanka News Web (LNW)

Ikman.lk ගෙවීම් කටයුතුවල පහසුවත් ආරක්ෂාවත් වෙනුවෙන් ikman Pay හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපොළ වන ikman.lk තම පාරිභෝගිකයන්ට සියලු මුදල් ගෙවීම් කටයුතුවලදී වැඩි පහසුවක් මෙන්ම ආරක්ෂාවක් ද සලසමින් ikman Pay විශේෂාංගය හඳුන්වාදීමට පසුගියදා පියවර ගෙන තිබේ.

ඒ අනුව ikman.lk හරහා ලබාගන්නා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ikman Pay (https://pay.ikman.lk/) භාවිතයෙන් මුදල් ගෙවීමේ හැකියාව උදා වී ඇත.

මේ හරහා Visa, Master හා Amex ආදී කාඩ්පත් ගෙවීම් මෙන්ම කාගිල්ස් බැංකු සහ කාගිල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළෙඳසල් හරහා සිදුකෙරෙන UPay හා FriMi ඇතුළු ikman.lkහි පුළුල් ගෙවීම් විධි ක්‍රම සියල්ල එකම තැනකට ගොනු කිරීමට පියවර ගෙන ඇත.

මෙවැනි බහුවිධ ගෙවීම් විකල්ප ගණනාවක් එකතු කරමින් ikman Pay හඳුන්වාදීම හරහා පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් මෙන්ම ආරක්ෂිත සහ වේගවත් විසඳුමක් ලැබී තිබේ.

තවද මේ සම්බන්ධව මතුවන ඕනෑම ගැටලුවකට සහාය වීම සඳහා +94 112 350 350 දුරකථනය ඔස්සේ පාරිභෝගික සේවා ජාලයක් ද ක්‍රියාත්මක වේ.

මෙම සේවාව භාවිත කරමින් අන්තර්ජාල මිලදීගැනීම් සිදු කිරීමේදී උපරිම ආරක්ෂාවක් සැලසීම වෙනුවෙන් Visa, Master සහ Amex කාඩ්පත් සඳහා එක් වරක් පමණක් භාවිත කළ හැකි රහස් කේත අංක සහ OTP තහවුරු කිරීමේ අංක යොදාගැනීමට ද පියවර ගෙන තිබේ.

තව ද පාරිභෝගිකයාට දුරකථන කෙටි පණිවුඩයක් හෝ ඊමේල් පණිවුඩයක් ලෙස ලැබෙන ලදුපත් අංකය හෝ ඇණවුම් අංකය මත පිහිටා මෙම අන්තර්ජාල ගෙවීම් සිදුකළ හැක.

එමෙන්ම පාරිභෝගිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර ලබාගැනීමට හෝ එම විස්තර ගබඩා කරගැනීමට ikman.lk කිසිවිටෙක ක්‍රියා නොකරයි.

එම තොරතුරු සියල්ල සටහන් වන්නේ පාරිභෝගිකයාගේ බැංකු පද්ධතියේ පමණි.

එම ආරක්ෂිත බව නිසා පාරිභෝගිකයන්ගේ පෞද්ගලික දත්ත කිසිදු තුන්වැනි පාර්ශ්වයක් සතු වීමේ ඉඩක් නොමැත.

මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම සේවාව හඳුන්වාදුන්, ikman.lk හි සංජය හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය. “මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් සරල සහ ආරක්ෂාකාරී කරවන විසඳුම් සැපයීම, අපේ ඉලක්කයයි. එහිදී අපගේ සියලු ගෙවීම් ක්‍රමවේද ආවරණය කිරීමටත් පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීමටත් ikman Pay විශේෂාංගයට හැකිවී තිබෙනවා”.

මුදල් ගෙවීමේ කටයුතු පහසු සහ ආරක්ෂිත කරවමින් ikman Pay හරහා හිමිවන අතිරේක විශේෂාංගයක් වන්නේ, Visa සහ Mastercard සංකේතකරණයයි.

එය ikman.lk පාරිභෝගිකයන්ට හිමිවන අමතර වාසියකි.

මේ හරහා පළමුවරට සිදුකරන ගෙවීමකදී, අදාළ සේවාව වෙත ලියාපදිංචි විය හැක.

විශේෂයෙන්ම මාසිකව හෝ අඛණ්ඩව ගෙවීම් සිදුකරන අවස්ථාවකදී මෙම ලියාපදිංචි වීම හරහා ස්වයංක්‍රීයව අදාළ ගෙවීම සිදුවීමට ඉඩ සැලැස්විය හැක.

CR

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...