සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් පසුගිය සති දෙකක කාලය ඇතුළත බිහිකරන ලද තවත් කෝටිපතියන් දෙදෙනෙකු සඳහා චෙක්පත් ප්රදානය 2019 ජනවාරි 16 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුකර තිබේ.
"අද කෝටිපති" ලොතරැයිය බිහිකළ එකළොස් වන කෝටිපති ජයග්‍රාහකයා බවට පත්වෙමින් "අදකෝටිපති" 489 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 5 ,72 ,51, 915 ක මුදල දිනාගත් අනුරාධපුර එම්.ජී. යටාලතිස්ස මහතාට අදාළ චෙක්පත ප්රදානය කිරීම එදින සිදුකර ඇත.
සංවර්ධන වාසනාව 205 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 1,72,73,108 ක මුදල දිනාගත් ජයග්‍රාහිකාව වූ මහව එස්.එන්.ඩබ්.එම්.එන්.පී. සේමසිංහ මහත්මියට ද එදින අදාළ චෙක්පත ප්රදානය කර තිබේ.
එම ජයග්‍රාහකයින් ලොතරැයිපත් අලෙවි කළ නෙළුම්කුලම අලෙවි නියෝජිත එම්.ආර්. උපුල් මහතාට සහ එම්.එස්.කේ. දිසානායක යන අයට ද සහතිකපතක් සමගින් මුදල් ත්‍යාග පිරිනමා ඇත.
මෙම චෙක්පත් ප්‍රදානෝත්සව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්යක්ෂ එච්.ආර්. විමලසිරි මහතා ඇතුළු නිලධාරීන් සහභාගි වී තිබේ.