DLB අලෙවි නියෝජිතයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්වයක් - Lanka News Web (LNW)

DLB අලෙවි නියෝජිතයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්වයක්

සුවහසක් ශ්‍රී ලාංකික දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට අරමුදල් ලබාදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා තම අලෙවි ජාලයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් සිදුකරන ලදී.

එහිදී අලෙවි නියෝජිතයන්ගේ වටිනා සේවය අගයමින් ඔවුන්ගේ, දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දූ දරුවන් 25ක් දෙනෙක් සඳහා ශිෂ්‍යත්වයක් ලබා දීම සිදු විය.

මසකට රුපියල් 1500 බැගින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් ලබා දෙන මෙම පූර්ණ කාලීන ශිෂ්‍යත්ව ප‍්‍රදානය 2019 මාර්තු 8 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) අසංකා ගුණසිංහ මහත්මිය සහ සහකාර සාමාන්‍යාධිකාරී (ප‍්‍රසම්පාදන) මලින්ද මහතා සහ විකුණුම් උපදේශක විජය සමරණායක මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

ඔබ මිලදී ගන්නා සෑම ටිකට්පතකින්ම නිදහස් අධ්‍යාපනයේ උරුමය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට දායක වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හුදු ටිකට්පතක් පමණක්ම නොවන්නේ මෙවන් මෙහෙවරයන් නිසාවෙනි.

CR

dlb 02

නවතම පුවත්

මැයි 23, 2019

පාප් වහන්සේගේ නියෝජිත කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අගමැතිවරයා අතර හමුවක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ…

මැයි 23, 2019

පිලිපීනයේ කැනේඩියානු කුණු කන්ද ඉවතට!

වසර ගණනක් මුළුල්ලේ පිලිපීනයේ ගොඩගැසී තිබූ කැනේඩියානු කුණුකන්ද නැව් සමාගමක් හරහා ඉවත් කර දැමීමට…

මැයි 23, 2019

මම බෞද්ධ විරෝධියෙක් නෙවෙයි - හැබැයි මේක ශ්‍රී ලාංකිකයන්ගේ රට

ඇතැමුන් තමන් බෞද්ධ විරෝධියෙක් ලෙස පෙන්වීමට උත්සහ දරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23)…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb