NDB මහ පුටුව කාවන්තිස්සට - Lanka News Web (LNW)

NDB මහ පුටුව කාවන්තිස්සට

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සභාපතිධූරයට කාවන්තිස්ස ධනුද්‍ර වීරවර්ධන රත්නායක මහතාව පත් කර ඇත. NDB අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවකට අනුව ඊයේ (18) එම පත් කිරීම සිදුකර තිබේ.

 හිටපු සභාපති ආනන්ද විජේතිලක අතුකෝරළ මහතා පසුගිය 17 වැනි දින විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි කාවන්තිස්ස රත්නායක මහතා එම ධූරයට පත්වන්නේ.

ඔහු NDB හි ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙසද කටයුතු කරමින් සිටියේය.

කාවන්තිස්ස රත්නායක මහතා අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සොහොයුරා වන අතර ඔහු යහපාලන ආණ්ඩුවේ ලේක්හවුස් ආයතනයේ සභාපතිධූරය ද දැරීය.

එමෙන්ම වරාය අධිකාරියේ සභාපති ධූරයටද ඔහුව පත් කෙරුණේ සිය සහෝදරයා වන අමාත්‍ය සාගල රත්නායක මහතා විසිනි.

NDB කොටස්කරුවන් 20 දෙනෙකුගෙන් සමන්විත පෞද්ගලික වාණිජ බැංකුවකි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb