ව්‍යාපාරික - Lanka News Web (LNW)

විදෙස් රටවල සිට ලංකා බැංකුව හරහා ශ්‍රී ලංකාවට මුදල් එවන ගණුදෙනු කරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන "ස්මාර්ට් රෙමිට්”ලොතැරැයියේ පලමු වටයේ දී ජයග්‍රහණයක් හිමිකර ගත් ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාවේ ගිණුම් හිමි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩයේ කීර්ති කාරියවසම් මහතාට අදාල ත්‍යාගය පිරිනැමිම කථානායක කරු ජයසුරිය මහතාගේ සුරතින් අද සිදු කෙරිණි.

Sony mirrorless කාණ්ඩයේ පෙරළිකාර කැමරා මාදිලියක්වූ Sony Alpha මාදිලියේ නවතම කැමරාව වන A7 R III කැමරාව ශ්‍රී ලාංකීය වෙළඳපල වෙත හඳුන්වාදීම 2018 ජනවාරි 16වන දින කොළඹ Galle face Hotelහීදී ( ගාලු මුවදොර හෝටලයේදී ) උත්සවාකාරයෙන් පැවැත්විණි.

රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63 කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9 ක අතිරික්තයක් වාර්තා වී ඇත. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954 වසරේදීය. එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5% ක් ලෙසිනි. පසුව 1956 වසරේදී ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% ක අයවැය අතිරික්තයක් වාර්තා විය. 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 30 වන සංවත්සරය සැමරීම සඳහා වෙන් කර තිබු මුදලින් කොළඹ ජාතික රෝහලට රුපියල් ලක්ෂ 70 ක් පමණවටිනා ශල්‍ය උපකරණ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරී සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

 

මෙරට කිර්තිනාමය ජාත්‍යන්තර තලයේ යළි යළිත් තහවුරු වන අග‍්‍රගණ්‍ය ජයග‍්‍රහණයක් හිමිකරගැනීමට පසුගියදා ශ‍්‍රී ලංකාව සමත් විය. එ් අනුව, මෙවර තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති ‘ජාත්‍යන්තර දේපළ සංවර්ධන සම්මාන 2017-18’ උළෙලේදී, ශ‍්‍රී ලංකාවේ ‘බ්ලූූ මවුන්ටන්’සමාගමේ ‘ඇකිලියෝන්’ ව්‍යාපෘතිය, ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දේපළ සංවර්ධන ව්‍යාපෘති’ තුනෙන් එකත් ලෙස නම්කරන ලදී.

‘SKYTRAX 2017 World Airline Awards' සම්මාන උළෙල අද (20) ප්‍රංශයේදී පැවති අතර  එහිදී ශ්‍රී ලංකා ගුවන් සමාගමට හිමිව තිබුණේ 81 වන ස්ථානයයි.

SLIIT උසස් අධ්‍යාපන ආයතනයෙන් උපාධිය හිමිකරගත් සිසුවෙකු වන ගනිඳු නානායක්කාර, 2015 'Verizon - Powerful Answers Award' තරගාවලියේ ප‍්‍රථම ස්ථානය හිමිකරගනිමින් මෙරටට කීර්තියක් අත්කරදීමට පසුගියදා සමත් වූවේය. ගනිඳුට මෙවැනි සුවිශේෂී ජයග‍්‍රහණයක් හිමිවූයේ ඔහු නිර්මාණය කළ නව නිපැයුම වූ 'iHelmet' ව්‍යාපෘතියටය. 'Verizon - Powerful Answers Award' තරගාවලිය ජයගත් ගනිඳු ඇමරිකන් ඩොලර් 500,000 ක මුදලක් ත්‍යාග වශයෙන් හිමිකරගැනීමට ද සමත්වූවේය. මෙම තරගාවලියේදී ගනිඳු ව්‍යවසායකයින් 1,400 කට අධික පිරිසක් සමග තරගවැදුණේය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb