බස් රියැදුරාගේ ලේකම් පුතා - සජීඩ් ජාවිඩ් අමිහිරි මතකය අවදි කරයි. - Lanka News Web (LNW)

බස් රියැදුරාගේ ලේකම් පුතා - සජීඩ් ජාවිඩ් අමිහිරි මතකය අවදි කරයි.

‘‘ආසියාතිකයෙකු වීම නිසා මට පාසලේදී හිරිහැර කළා..“ - සජීඩ් ජාවිඩ්

ආසියාතිකයෙකු වීම නිසා වයස අවුරුදු 11 දී තමන් පාසලේදී පහර කෑමට ලක් වූ බව එක්සත් රාජධානියේ අභ්‍යන්තර කටයුතු ලේකම් සජීඩ් ජාවිඩ් හෙළි කළේය.

ඒ මතකයන් තවමත් තමන්ගේ සිතේ වේදනාකාරී ලෙස දෝංකාර දෙන බව ද ඔහු පැවසුවේය.

PA 

වර්ගවාදී හිංසනයට එරෙහිව ඔහු සිය අත්දැකීම් මෙසේ බෙදාගත්තේ, පසුගිය සතියේ මහත් ආන්දෝලනයට තුඩු දුන්, 15 හැවිරිදි සිරියානු දරුවෙකු බටහිර යෝර්ක්ෂයරයේදී පහර කන අන්දම ඇතුළත් වීඩියෝ පටයක් නිකුත් වීමත් සමග ය.

එංගලන්තයේදී එසේ පහර කෑමට ලක්වී සිටියේ සිරියානු සරණාගත දරුවෙකි. පුවත්පත් වාර්තාවලට අනුව ඔහුගේ නම ජමාල් ය. එම වීඩියෝවේ පැහැදිලිව දැක්වෙන අන්දමට ඔහුව බිම හොවා, ඔහුගේ මුහුණට ජලය වත් කිරීම සිදුකරනු ලබයි. මෙම වීඩියෝව මේ වන විට සමාජ ජාලවල වේගයෙන් සංසරණය වේ. එය ඔක්තෝබර් 25 වැනිදා හඩර්ස්ෆීල්ඩ් හි ප්‍රජා පාසලක දිවා ආහාර විවේකයේදී රූගත කරන ලද්දකි. මේ වන විට ඒ කෙරෙහි එක්සත් රාජධානි අගමැතිනී තෙරේසා මේ සහ විපක්ෂ නායක ජෙරමි කෝබින්ගේ ද අවධානය යොමු වී තිබේ.

Video shows "assault" on boy at Huddersfield school 

‘‘ඒ දරුවාට එය දැනෙන ආකාරය මට සිතාගන්නට පුළුවන්‘‘ යැයි ජාවිඩ් බීබීසී රේඩියෝ 4 සේවයට එක් වෙමින් පැවසීය.

ඩච් බැංකුවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන කොන්සවේටිව් පක්ෂ දේශපාලනඥ සජීඩ් ජාවිඩ් ඉපදී තිබෙන්නේ එක්සත් රාජධානියේ වුවද, ඔහුගේ දෙමාපියන් පාකිස්ථාන ජාතිකයන් ය. ඔහුගේ පියා පාකිස්ථානයේ බස් රියැදුරෙකි. බස් ඩ්‍රයිවර් කෙනෙකුගේ පුතෙකු වශයෙන් උපන් අයෙකුට එංගලන්තය වැනි ලිබරල් රටකදී අභ්‍යන්තර කටයුතු ලේකම් ධුරය දක්වා යා හැකි වුවද, බහුතර සමාජය තවමත් වර්ගවාදයෙන් ආතුර වී සිටින බවට සජීඩ් ජාවිඩ්ගේ කතාව හොඳ උදාහරණයකි.

‘‘අවුරුදු 40කට කලින් මා අත්දුටු වර්ගවාදී, ජාතිවාදී ප්‍රචණ්ඩත්වය තවමත් සමාජයේ තිබෙනවා..“ යැයි සජීඩ් ජාවිඩ් පවසයි. ‘‘ඒ වීඩියෝව දුටු විට වයස අවුරුදු 11 දී මා මුහුණ දුන් ඒ අමිහිරි අත්දැකීම මගේ සිහියට නැගුණා. ඒ දරුවාට එය කෙසේ දැනෙන්නට ඇත්දැයි මට සිතුණා..“ යැයි ඔහු පැවසීය. ‘‘මට මේ සිදුවීම දුටුවිට මුලින්ම සිතට නැගුණු හැඟීම වුණේ - ‘‘මගේ රටේ තවමත් මෙහෙම දේවල් සිද්ධ වෙන්නෙ කොහොමද‘ කියන එකයි“ යැයි ද ඔහු පවසයි.

මේ වන විට එම දරුවා වෙනුවෙන් අන්තර්ජාලය හරහා පවුම් 50,000 ක අරමුදලක් ද එක්රැස්ව තිබේ. එම 15 හැවිරිදි සිරියානු සරණාගතයාට පහර දුන් 16 හැවිරිදි දරුවා මේ වන විට නීතිය ඉදිරියට පමුණුවා ඇත.

- අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday 

නවතම පුවත්

මැයි 27, 2019

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය…

මැයි 27, 2019

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ…

මැයි 27, 2019

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයෙන් අලුත් යෝජනාවලියක්

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb