බෝම්බ ප්‍රහාර නිසා අපට අමතක වුණු බ්‍රිතාන්‍ය රජ පැටියා

බෝම්බ ප්‍රහාර නිසා අපට අමතක වුණු බ්‍රිතාන්‍ය රජ පැටියා

7 May 2019 11:15 am

සසෙක්ස්හි ආදිපාදවරිය ලෙස කිරුළු පළන් මේගන් මාකෙල් කුමරිය ඊයේ සිය කුළුඳුල් දරුවා බිහි කළාය. මේ බව නිවේදනය කළේ සසෙක්ස්හි ආදිපාදවර හැරී කුමාරයාය.

තවමත් නම් තබා නොමැති රාත්තල් 7 ක් හා අවුන්ස 3 ක බරකින් යුක්ත නව රජ කුමරු හා මේගන් කුමරිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි හැරී කුමරු නිවේදනය කර තිබෙන්නේ.

මහා බ්‍රිතාන්‍ය කිරීටයේ වත්මන් නායිකාව වන එළිසබෙත් රැජිනගේ අටවැනි මී මුණුපුරා වන අලුත උපන් කුමරු රජකමට උරුමකම් කියන ලැයිස්තුවේ 07 වැනියාය.

නව රජ කුමරුට මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවයට අමතරව එක්සත් ජනපදයේ පුරවැසිභාවය ද හිමිවීම විශේෂත්වයකි. ඒ මේගන් කුමරිය ඇමරිකානු පුරවැසිභාවය හිමි අයෙකු වීම නිසාය.

harry megan 01