ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

19 May 2019 08:51 am

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 ආසන 59ක් සඳහා අපේක්ෂකයින් 912 දෙනෙක් ප්‍රාන්ත කිහිපයකින් තරග වදින අතර උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, බෙංගාලය, වරානාසි, මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක ඡන්ද මධ්‍යස්ථාන එක්ලක්ෂ දෙළොස් දහසක් පමණ පිහිටුවා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පැවැත්වෙන මැතිවරණයේ වාරානාසි හා උත්තර් ප්‍රදේශ් ආසන සදහා මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉන්දීයාවේ මහා මැතිවරණය අදියර 7කින් යුතු වන අතර මෙවර අවසන් ජන්ද ප්‍රථිපල එළඹෙන 23 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතයි.

මෙම මහමැතිවරණයෙන් ලෝක් සභාව සදහා මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

මැතිවරණ තරඟ බිමේ උණුසුමට පෙර ඊයේ දිනයේදී අගමැති මෝදී හිමාලයේ කඳුකර ප්‍රදේශයේ සංචාරයකට නිරත් වී ඇති අතර අගමැතිවරයා ඉතා විවේක සුවයෙන් කාලය ගත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ASK