ඊජිප්තුවට යළි ත්‍රස්ත ප්‍රහාරයක්ද?

ඊජිප්තුවට යළි ත්‍රස්ත ප්‍රහාරයක්ද?

19 May 2019 05:22 pm

විදෙස් සංචාරකයින් රැගත් බස් රථයක් ඉලක්ක කරමින් ඊජිප්තුවේ කෞතුකාගාරය ආසන්නයේ පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් සංචාරකයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

 පිපිරීම සිදු වූ ස්ථානයට නුදුරින් ඊළඟට තිබී ඇත්තේ සංචාරකයන් පැමිණෙන පිරමීඩ ප්‍රදේශයකි. ඊජිප්තු කෞතුකාගාරයට ද හානියක් සිදුව නැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පිපිරීමෙන් දකුණු අප්‍රිකානු සංචාරකයින් තුවාල ලබා ඇති අතර රෝහල් ගතව තිදෙනෙක් ප්‍රතිකාර ලබන බව සඳහන්.

එම ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැති නමුත් එම සැකය ඉස්ලාම් අන්තවාදීන් දෙසට යොමු වී තිබේ.

පසුගිය දෙසැම්බරයේ වියට්නාම සංචාරකයන් තිදෙනෙකු සහ ඊජිප්තු සංචාරක මඟපෙන්වන්නෙකු මියගොස් තිබුණේ ඔවුන් ගමන්ගත් බස් රථයට ඉස්ලාමීය අනතවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකිනි.

egipthuwa 01

එම සිදුවීමත් ලොව පුරා සිදුවන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරත් හේතුවෙන් අද ඊජිප්තුවේ සිදුව ඇති පිපිරුමද ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකි බවට සැක මතුව තිබේ.

පිපිරුම සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 28 දෙනෙකු ඉඳ ඇති බව සඳහන්.

එම බස් රථයට පිටුපසින් තිබූ පෞද්ගලික මෝටර් රථයකටද හානි සිදුව ඇත.

පිපිරීමෙන් පීඩාවට පත් සියලුම සංචාරකයන්ට ඔවුන්ගේ ඉදිරි සංචාර සඳහා සම්පූර්ණ සහය ලබා දෙන බව ඊජිප්තු සංචාරක කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

මේ වන විට කලබලකාරී තත්ත්වය පාලනය කරන ඇති බවයි එරට වාර්තා පවසන්නේ. මෙම පිපිරීමෙන් ස්ථාවරව තිබූ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති අතර මාස හයක පමණ කාලය තුළ ඊජිප්තුවේ සිදු වූ දෙවන බෝම්බ පිපිරීම මෙය වෙයි.

ASK