නැවුම් හදවත් ඇස ගැටුණු මොහොතක්! - Lanka News Web (LNW)

නැවුම් හදවත් ඇස ගැටුණු මොහොතක්!

වලස්මුල්ලෙ, මුරුතවෙල ගමේ පුංචි පුස්තකාලෙ විවෘත කළේ අද උදෑසන ...

 මාතර අත්‍යවශ්‍ය හමුවීමක් මඟ හැරල මම මේ ආරාධනය පිළිගත්තෙ මේ තරම් සුන්දර , අව්‍යාජ එකක් බව දැනගෙන නොවෙයි

මේ පුස්තකාලෙ ගමේ උගත් තරුණයො කීප දෙනෙකුගෙ වෑයමක්.

අම්බලන්තොට ප්‍රා.ලේ තිලකවර්ධන මහතාත් , දැනටම පොත් දෙකක් ලියු මයුර ලසන්ත ජයසේකර සහ පිරිවර තමා මේ පුංචි පුස්තකාලෙ පටන් ගත්තෙ. පුස්තකාලෙ නම “දුයිෂෙන් “
ගුරු ගීතයෙ වගේ නෙමෙයි මේ කතාව ,,,,!

මෙච්චර කල් මේ වටිනා දේ නොකර ඉඳල තියෙන්නෙ “ ගෝත්‍රික දේශපාලනය"

මේ වටින දේට ඉහඳ තියන්නෙ නැතිව ඒ විස්තරය නොකිය ඉන්නම්

පහන හරි නැවුම් ...!
කිතුල් මලක රෑන් අතර මැටි පහන් !
“අමු නිසා පත්තු වෙන්නෙ නෑ බය වෙන්න එපා " කියල හාමුදුරුවො මගේ ප්‍රශ්නාර්තෙට උත්තර දුන්නා

මම කියවීමෙන් ලද දේ ජීවිතයට එක්‌ කරගත් සැටි මා කීවෙ අති සරළ උදාහරණ එක්ක

වැඩිපුර සිටියෙ ගැමි ජනතාව සහ ටිකිරි පැන්චං හා පැන්චියං

ඔවුන් වයස් භේදයක් නැතිවම පුදුම ඇහුන්කම් දෙන්නන් !
මේ පුස්තකාල පුංචි කාමර බිල්ඩිම ගමේ පුංචි ව්‍යාපාරික මහතෙකුගෙ පරිත්‍යාගයක් - අලුත්වත්තෙ මහින්ද ඒ සත් හිතැත්තා

මගේ ළඟ තිබ්බෙ “ මට මා හමුවුනා " විතරයි

මා ලියු පොත් 5 න් පරිත්‍යාග කරන්න පුළුවන් උනේ එපමණයි
වඩුවගේ ගෙදර පුටුව නෑ වගේ

ඒ ගතවූ කාලය සුවඳවත් යාමයක් උනා
මගේ ඇමතුමේ ඇතැම් කරුණු ඔබටත් වැදගත් වෙයි
ඒත් ඔබ දිග වැඩි කමෙන්ටු බලන්නෙ නෑනෙ ?

“කියවීම නිසා අනුන්නෙ හැඟීම් දැනීම් අපට කෙතරම් ජීවිතයට බලපෑවද “කියන දේ අවධාරණය උනා !

අන්තිම කොටස නොකිය ඉන්නමයි හිතුවෙ , ඒත් එය කාට හෝ වැදගත් වෙයි ...!

අර ප්‍රාදේශීය ලේකම්තුමා මා එක්ක උත්සවේ අතෑරලා ආව , මම ගිහින් එන්නම් කියද්දිත් මා එක්ක ආව
වාහනේට නගින්න හදද්දි බ්‍රවුන් පේපර් පාට ඇන්විලොප් එක සාක්කුවෙන් ඇදල මට දෙන්න විළියෙන් ඇඹරුනා
සමහර දේට වටිනාකමක් තියෙන්න ඕන තමා !

නමුත් ...

මෙච්චර අමාරුවෙන් ගොඩනගාගත්තු පුස්තකාලෙ පොත් ගන්න ඒ කීය හරි යොදාගන්න කියල එය මඟ හැරල මම වාහනේට නැග්ගා

 මේ හැම දෙයක්ම මට ලබාදුන්න “ කියවීමටත් “ මට සාහිත්‍යය කවල පොවල ජීර්ණය කරන්න “ මහන්සි ගත්තු අදත් මහන්සි වෙන මගේ ගුරු දෙවි W.S බණ්ඩාර සර්ටත් ප්‍රණාමයි !!!

Bandula 02

bandula 03

bandula 04

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...