සමනල කතාව සරල සිරිසේන විරෝධයකින් ඔබ්බට ... - Lanka News Web (LNW)

සමනල කතාව සරල සිරිසේන විරෝධයකින් ඔබ්බට ...

සමනලයින් ගැන සිරිසේනගේ මෝඩ කතාව සරල සිරිසේන විරෝධයකින් එහාට යා යුතුයි.

මනුෂ්‍ය ලිංගිකත්වයේ සංකීර්ණතාවත්, විවිධ ලිංගික නම්නතාවලට තිබිය යුතු ප්‍රජාතාන්ත්‍රික අයිතියත්, ලිංගික අනන්‍යතා නිසා කිසිවෙකු ආන්තිකකරණයට ලක් නොකිරීමත් ගැන අවබෝධයක් ඇති පිරිසක් ලංකාවේ සිටින බව ෆේස්බුක් වැනි තැන්වලින්වත් පෙනීයාම සතුටට කරුණක්. ඒ්ත් එය වඩාත් ප්‍රගතිශීලි වෙන්නෙ සිරිසේන-මහින්ද පිලේ අයත් සිරිසේනගෙ ප්‍රකාශය හෙළා දැක්කා නම් තමයි. එහෙම වෙන්නෙ නෑ. වෙලා තියෙන්නෙ සිරිසේනට හදිසි ප්‍රහාර එල්ල කරන සරල අවියක් හැටියට ඒ් ප්‍රකාශය භාවිත කිරීම.

 

නලින්ද ජයතිස්ස සමලිංගිකත්වය ගැන නිෂේධනීය කතාව කියපු වෙලාවෙ නම් ජවිපෙන්ම ඒ් ගැන කණගාටුව පළ වුණා. ලාල් කාන්ත විශේෂයෙන් ඒ් ගැන කතා කළා. මනුෂ්‍ය ලිංගික අනන්‍යතාව සහ දේශපාලන නියෝජනය හා සම්බන්ධ ප්‍රශ්නෙ ලංකාවේ සිංහල භෂාවෙන් සාකච්ඡාවට ගත්තෙ එක්ස් කණ්ඩායම වැනි දේශපාලන ධාරාවලින් පසුව වර්ධනය වූ තරුණ වම හා රැඩිකල් කණ්ඩායම් විතරයි. ඉංග්‍රීසි භාෂක වාම බුද්ධිමතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන ලිංගික අනන්‍යතාව සහ දේශපාලනය ගැන තේමා ඉංග්‍රීසි බසින් සාකච්ඡාවට ගත්තත් ඒ්වාට අපේ පොදු ජන සමාජය සමග ‌ෙඑන්ද්‍රීය සම්බන්ධයක් තිබුණෙ නෑ. පොදු සමාජ ක්‍රියාධරයන් සහ ජවිපෙ වැනි වමේ අයට ඒ් රාජ්‍ය නොවන සංවිධානවල වැඩ පෙනුණෙ ඒකපුද්ගලවාදීද, නිර්-වාමාංශිකද වූ ඉහළ මධ්‍යම පාන්තික මෝස්තරයක් ලෙසයි. මේ කණ්ඩායම් දෙක අතර බුද්ධිමය පාලම දමමින් සිංහලෙන් ලියන අය එච්චර හිටියෙත් නෑ ප්‍රවාද වගේ සගරාවකට ලිපි පරිවර්තනය කරපු අය හැර.

සිරිසේන සමනල කණ්ඩායම යනුවෙන් නම් කරන්නෙ රනිල්ගෙ රෝයල්- සමරිසි- කොළඹ හතේ- බිස්නස්කාර මිතුරු කණ්ඩායම. ඔවුන් රට ගැන කිසිම අදහසක් නැති අවස්ථාවාදියො යනුවෙන් සිරිසේන කියන කතාව ඇත්ත. ඒ තැනට දැන් එන පිරිස කොළඹ හතේ නොවන්නත්, රෝයල් නොවන්නත්, සමනල නොවන්නත් පුළුවන්. නමුත් දේශප්‍රේමී අලංකාරික යටින් ඒ් ගොල්ල‌ො කරන්නෙත් හම්බ කිරීමම තමයි. මහ බැංකු බැදුම් කර වංචා කියන්නෙ දළ වශයෙන් 2008 දක්වා වත් යන පූර්ව-සමනල වංචාවක් බව දැන් ලේඛන ගතවෙලා තියෙනවා. එහෙම නැතුව කෝටි පනහවල් දෙන්නෙ කොහොමද?

අනික රනිල් වටේ සිටි ඒ් පිරිසගෙ ලිංගික අනන්‍යතාව ඉලක්ක කිරීම වැරදි වුණත්, සිරිසේන නිලූකා ඒ්කනායක ආණ්ඩුකාරවරියක් බවට පත් කළ බවත් කිවයුතුයි.

සම්පත් (ජාතික ධනය) නැවත බෙදා හැරීම හෙවත් Redistribution මගින් පමණක් නූතන ලෝකය තුළ සාධාරණය සහ යුක්තිය ඇති කරන්න බෑ. එහිලා සියලු මනුෂ්‍යයන් මනුෂ්‍යයන් සේ පිළිගැනීමත් අවශ්‍යයයි. ඒ් කියන්නෙ Recognition. හුදෙක් පිළිගැනීම විතරක් මදි. සමානත්වය සහ සමසාධාරණත්වය අවශ්‍යයි. ඒ කියන්නෙ equality and equity. සිරිසේන අර පිරිසට සමනල්ලු කියද්දි. පිළිගැනීම තියෙනවා. හැබැයි ඒ්ක සමානත්වයෙන් සහ සමසාධාරණත්වයෙන් යුතු පිළිගැනීමක් නෙමෙයි. ඔවුන් පහත් කොට සලකන පිළිගැනීමක්. එහෙම පිළිගැනීම් වැඩවසම් යුගයෙත් තිබුණා.

රනිල් සහ මංගල වගේ අය හුදෙක් නව ලිබරල් පද්ධතියක් තුළ සියලු දෙනාට පිළිගැනීම හොයන අය. ඒ් අය සම්පත් (ජාතික ධනය) නැවත බෙදා හැරීම හෙවත් Redistribution කියන මානය නොසලකා හරින හෝ අඩු කොට සලකන අය. රටේ ආර්ථික වර්ධනය සිදුවන විට ධනය ටික ටික පහළට කාන්දු වෙලා හැමෝම ධනවත් වෙනවා කියලා හිතන අය. ඒ්කපුද්ගල දළ ජාතික ආදායමෙන් විතරක් රටක සංවර්ධනය මනින අය. ධනය එහෙම ඉබේ පහළට කාන්දු වෙන්නෙ නෑ. ඒක වලක්වන්න මලික් සමරවික්‍රමලා ඉන්නවා. ඒ් වගේ අය බිස්නස් කර කර ඉදල දේශපාලන බලය අල්ලගන්නෙ ඒ්කයි. සමනල වුණත් නැතත් එයාලගේ වැඩේ ඒකයි. මහින්ද වටෙත් එහෙම කට්ටියක් ඉන්නවා.

දුගී ජනයාට යහපත් වූද සුපුෂ්පිත වූද ජීවිතයක් පිණිස අවස්ථා විවර කරදීම ධනය නැවත බෙදා හැරීමේ එක අරමුණක්. ඒ් විධියට රෝයල් එකේ තියෙනව වගේ අධ්‍යාපනයක් වත් ලංකාවේ සෑම පාසැලකම ඇති කිරීම පිණිස ධනය නැවත බෙදා හැරීම අවශ්‍යයයි. අධ්‍යාපනය විතරක් නෙමෙයි අනික් දේවලුත් සාපේක්ෂ සමානත්වයකින් බෙදෙන්න අවශ්‍යයි. කවර අඩුපාඩු තිබුණත් මේක අපේ රටේ දැනටත් තිබෙන දෙයක්. එය වඩාත් ශක්තිමත් කිරීම අවශ්‍යයි. එහෙම කරන එකට පොදු වචනයක් කියනවා නම් ඒ් තමයි සමාජවාදය. රනිල්ලට ඒ්වා වහ කදුරු වැඩ. එයාලා වෙනුවට එන අය ජාතික අලංකාරික යටින් අරන් එන්නෙත් අර ප්‍රතිපත්තිම තමයි. 2015ට කලින් තිබුණෙත් ඒ්වම තමයි. රතු පස්වල වගේ තැන් ගණනාවකින් පෙනුණෙ ඒ්ක. අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් රාජ්‍ය ආයෝජන අඩු වීමෙන් පෙනුණෙ ඒ්ක. පොළොන්නරුවටත් රනිල්ලා ගිය ඉස්කෝලවල වගේම පහසුකම් තිබෙන ඉස්කෝල තිබුණා නම් රනිල්ලට සමනලයො කියල අපහාස කරන ග්‍රාමසේවක කෙනෙක් බිහි නොවන්නත් තිබුණා. ග්‍රාමසේවක තනතුරකට වඩා ඉහළ තැනකින් ආරම්භ කළ හැකි තරම් අධ්‍යාපනයක් ඇති කෙනෙක් බවට සිරිසේන පත් වෙන්නත් ඉඩ තිබුණා.

මේ මහ බැංකු සුද්ද, සමනල කතා අස්සෙන් ජවිපෙ සහ අනෙක් වමේ පක්ෂවලට අවස්ථාවක් තියෙනවා සියලු දෙනාට ආර්ථික-සාමාජික අවස්ථාත්, සමාන, සමසාධාරණ පිළිගැනීමත් ඇති රටක් ගොඩනගන්න. ඒ් වැඩේට අලුත් ප්‍රගතීශීලි පෙරමුණක අවශ්‍යතාව තියෙනවා.

- මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා තැබූ ෆේස්බුක් සටහනකි

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...