කරු ජයසූරිය - එදා සහ අද - Lanka News Web (LNW)

කරු ජයසූරිය - එදා සහ අද

ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට හෝ වෙන අයෙකුට අගමැති වන ලෙස ආරාධනය කරන්න ලංකාවේ ජනාධිපතිවරයට ව්‍යවස්ථානුකූලව පුළුවන් බවයි මගේ අදහස. ඉන් පස්සේ අගමැතිවරයා අතේ තමයි පාර්ලිමේන්තු බහුතරය පෙන්වන කාර්යය තියෙන්නේ. ඒ අනුව අලුත පත්වන අගමැතිවරයා බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්වන්න ඕනේ. මෙතැනදී ප්‍රශ්න දෙකක් වුනා. එකක් හිටපු අගමැතිවරයා ඉල්ලා අස් නොවීම. ජනාධිපතිතුමාට අගමැතිවරයෙකු පත් කරන්න පුළුවන් වුනාට අගමැති කෙනෙකු අස් කරන්න ව්‍යවස්ථානුකූලව බලයක් මා දන්නා පරිදි නැතිකම. දෙක, බහුතරය පෙන්වන්න නම් නව අගමැතිවරයාට ඒ සඳහා කතානායකවරයා විසින් ඉඩ සලසා දීම. ප්‍රශ්නය වුනේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා පාර්ලිමේන්තුව කලින්ම විසුරුවා හැරීම සහ එය වැළැක්වීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම. මෙතනින් එහා ඒ ගැන මම ලියන්නේ නැහැ. මොකද නීතිය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක් නිසා.

මට ටිකක් කණගාටුයි කරු ජයසුරිය මහත්මය පත්වෙලා ඉන්න තත්ත්වය ගැන. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා චෝදනා කළත් කරු ජයසූරිය මහතා පාක්ෂික (bias) විදිහට වැඩ කරනවා කියල ඔහුට අමතක වුනාද දන්නේ නැහැ කරු ජයසූරිය සිවිල් යුද්ධය පැවති සමයේ එජාප මන්ත්‍රීන් 17 රැගෙන මහින්ද මහතාගේ සහයෝගයට පැත්ත මාරු කළ බව. එනිසා මහින්ද මහත්මයට තිබුනා තරුණ මන්ත්‍රීවරුන්ට පහදලා දෙන්න කරුගේ වරදක් නෙමේ ඔතන තියෙන්නේ කියල. කතානායක පත් කලේ යුඇන්පී හා එවකට ඔවුන්ට පක්ෂ අයගේ ඡන්දෙන්. ඔහු අපක්ෂපාති වෙනවා කියන්නේ තරමක් දුරට පාර්ලිමේන්තු සම්ප්‍රදායට වැඩ කරනවා කියන එක. ඔහුට අගමැති වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ.

මට කරු ජයසූරිය මහතා හමුවෙනව 2016 දෙසැම්බරයේ. ඒ අකාලයේ ඔවුන් හැරගිය ඔහුගේ බාල දියණියට සමුදෙන්නට ලන්ඩනයට පැමිණි වෙලේ. එම අවමංගල්‍ය දිනයේ මෙහෙම සටහනක් දැම්ම. එහෙම කලේ මම කරු ජයසුරිය මහත්මයාගේ දේශපාලනය අනුමත කරන නිසා නොවේ. එවෙලේ ඇතිවුන කණගාටුව සහ ඔහුගේ උපේක්ෂා සම්පන්න බව දැකල. මට එවෙලේ කොහෙත්ම හිතුනේ නැහැ කරු ජයසූරියට තවදුරටත් දේශපාලන අපේක්ෂාවන් තිබෙනවා කියල.

එම ලිපියේම විමල් විරවංශ මැතිතුමා පිළිබඳව මෙන්න මෙහම සටහනක් තිබෙනවා.

//වසර 1997 දී කරු ජයසූරිය කොළඹ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වෙනවා. ඒ වසරේදීම ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් විරවංශ මහතාත් තේරී පත් වෙනවා. පළමුවැනි රැස්වීමට එන විමල් විරවංශ මහතා හා ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ තවත් තරුණ මන්ත්‍රීවරු පිරිසක් ටයි ගැටය දාගන්න දඟලන අන්දම කරු ගේ දෑසට හසු වෙනවා. කරු එතනට ගිහින් විමල් විරවංශ තරුණ මහතාගේ සහ අනිත් තරුණ මන්ත්‍රීවරුන්ගේ ටයි ගැට දාන්න උදව් වෙනවා. ඊට පස්සේ එක මේසේ ඒගොල්ල සාකච්ඡා කරනවා. කරුට ඒ වෙලාවේ හිතුනලු " ඇයි අපිට මෙහෙම කතා කරන්න බැරි වුනේ අවුරදු දහයකට කලින් කියල "//

මට දැන් හිතෙන දෙයක් තමයි ගරු ජනාධිපතිතුමා අකැමති වුනත් කරු ජයසූරිය මහත්මය අගමැති පදවිය භාර අරගෙන භාරකාර ආණ්ඩුවක් 2020 දක්වා ගෙනියන්න ඕනේ කියන එක. මේ අදහස අජිත් පැරකුම් ජයසිංහ මහත්මයත් ඉදිරිපත් කරලා තියනවා මම දැක්කා.

එහෙම නැත්නම් 2020 ජනාධිපතිවරණට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්න ඕන කියල. මොකද ඔහුට වැඩි බලාපොරොත්තු නැති, ඕනෑවට වඩා අපේක්ෂා නැති තවදුරටත් මුදල් පොදි ගහගන්න අවශ්‍යතා නැති, පවුලේ නොයෙකුත් ප්‍රශ්න ඇතිකරන, ඔටුන්න භාර දෙන්න වෙන තරුණ දරුවෝ නැති කෙනෙක් නිසා. එසේම එම අවුරුද්දෙන් පස්සේ කොහොමත් විධායක බලය ලැබෙන්නේ මන්ත්‍රී ඡන්දයෙන් පත්වන අගමැතිවරයාට බ්‍රිතාන්‍ය ක්‍රමයට.

එනිසා ඔහු එවැනි පොදු අපේක්ෂකයෙක් වීමේ අවුලක් නැහැ.

මේක අද සිදුවූ අප්‍රසන්න සිදුවීම් දැකල හිතට ආපු අදහසක් විතරයි.

මුහුණු පොතෙන් උපුටා ගත් සටහනකි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...