ඔබත් නින්දා කරන්නේ මෙහෙම ද? - Lanka News Web (LNW)

ඔබත් නින්දා කරන්නේ මෙහෙම ද?

ප්‍රතිවාදීන්ට නින්දා කිරීම සහ තම කෝපය පල කිරීම සඳහා විවිධ අපහාසාත්මක වදන් වැඩි වැඩියෙන් ඕනෑ වන මේ සමයේ දැන හෝ නො දැන පෙරටත් වඩා පාවිච්චි කරන වදන් දෙක තුනකින් සයිබර් අවකාශය පිරෙමින් ඇත.

 

එකක් 'සක්කිලියා' ය. තවෙකක් 'තුප්පහි' ය. අනෙක 'පොන්නයා' ය.

# 'සක්කිලි' යනු 'සක්කිලියාර්' නැත්නම් 'චක්කිලි' නමින් හැඳින්වෙන අසරණ ජන වර්ගයකි. ස්පර්ශ නො කළ යුත්තන් නො එසේ නම් පහත් ම කුලයක් ලෙස සැලකෙන ඉන්දියානු දලිත්වරුන්ගෙන් පැවත එන මේ අය ශ්‍රී ලංකා දෙමළ කුල ක්‍රමය තුළ ද හුදෙක් උපත නිසා ම අතිශයින් කොන් වූවන් සේ සැලකේ.

# 'තුප්පහි' යනු පෘතුගීසි බර්ගර්වරුන් මෙන් ම විදෙස් ජාතීන් සමඟ කළවම් වූවා යයි 'සැලකුණු 'ජාතීන් හැඳින්වීමට සහ එම වාසගමින් එන පුද්ගලයින් හැඳින්වීමට 16,17 සියවස්වල යෙදී 19 වන සියවසේ ජාතිකවාදී උමතුව ද සමඟ අපහාසාත්මක යෙදුමක් බවට පෙරළුණු වදනකි.

# 'පොන්නයා' ලෙස අපහාසාත්මක ව අර්ථ ගැන්වෙන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් හෝ සමකාමී ලිංගික නැඹුරුතාවෙන් යුක්ත වූවන් ය.

මේ මොහොත වෙද්දී අප මේ වචන භාවිත කරන්නේ වෙනත් සන්දර්භයන්වල ය. ඒ යොදන හැම වාරයක් ගාණේ ම කිසියම් නිරවද්‍ය ජන වර්ගයකට නැත්නම් මිනිස් කණ්ඩායමකට ඔබ අතින් අපහාසයක් වන බව සිහිපත් වී ඉන් වැලකිය හැකි නම් ඔබ සමානාත්මතාව සහ වඩා යහපත් සමාජයක් වෙනුවෙන් වචන වගුරන අයෙකි. නො එසේ නම් ඔබ ද ඔබෙන් අපහාස ලබන ප්‍රතිවිරුද්ධ අනෙකාගෙන් කිසිසේත් වෙනස් නො වේ. ඔබ ඒ පෙන්වන්නේ ඔබේ නොහැදියාවයි. පහත් බවයි.

- කල්පනා ඇම්බ්‍රෝස්

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...