එදා සුනන්දා - අද සුරීන්, කසුන් - Lanka News Web (LNW)

එදා සුනන්දා - අද සුරීන්, කසුන්

ඉතිහාසය නොදන්නා කෙළතොල්ලන් කෙලෙස අර්ථ ගැන්වූවද ඉතිහාසය ප්‍රතිනිර්මාණය පවතී.

යෞවන නාට්‍ය සම්මාන උළෙලේදී සුරීන් චාමර සහ කසුන් චතුරංග විසින් උදය ගම්මන්පිල අතින් සම්මාන ලැබීම ප්‍රතික්ෂේප කිරීම උණුසුම් මාතෘකාවක් වී ඇත. මේ විරෝධය කෙටිකාලීන ජනප්‍රියත්වය උදෙසා බවත්, අඩුම ගණනේ ගම්මන්පිල තරමට වත් මේ කලාකරුවන් ජනප්‍රිය නොවන බවත් බුද්ධිමතුන්ගේ අවධානයට ලක් ව ඇත. එය ඉඳුරාම සත්‍යයකි. සුරීන් චාමර සහ කසුන් චතුරංගට වඩා වෙලේ සුදා ; කොණ්ඩයා සහ ආනමාලු ඉමිටියාස් වැන්නවුන් ද ලංකාවේ ජනප්‍රියය.

1984 වසරේ තරුණ සේවා සභාව විසින් පවත්වන ලද යෞවන සම්මාන උළෙලේ හොඳම ගීත නිබන්ධනය වෙනුවෙන් සම්මාන හිමි වුඉයේ සුනන්දා රණසිංහට ය. ඒ මොහොතේ සම්මාන පිරිනමන්නට වේදිකාව ඇරියුම් කරන්නේ බර්නඩීන් රෝස් සේනානායක හෙවත් රෝසි සේනානායක ය. 1980 වසරේ ලක් රූ රැජණ වූයේද ; 1981 වසරේ ආසියා පැසිපික් ජාත්‍යන්තර රූ රැජණ ව සිටියේ ද රෝසි සේනානායක ය. සුනන්දා රණසිංහ වේදිකාවට නැගී රෝසි අතින් සම්මානය ලබා නොගෙන ප්‍රේක්ෂකයින්ට ආචාර කර හිස් අතින් වේදිකාවෙන් බසින්නීය. රෝසි සේනානායකව ලොවම දන්නා බවත් සුනන්දා රණසිංහව කිසිවෙක් නොදන්නා බවත් එදා මෙන්ම අදත් කෙනෙකුට පවසන්නට හැකිය. නමුත් එදා 1984 වසරේ සුනන්දාට යෞවන සම්මානය හිමි වූයේ හොඳම කැට් වෝක් සඳහා හෝ ඡවි කල්‍යාණය සඳහා නොවම බැවින් සුනන්දා ගත් තීරණය සෘජු ය. අනම්‍යය ය. එමෙන්ම එදා හොඳම ගීත නිබන්ධනය වෙනුවෙන් සම්මාන පිරිනමන්නට වේදිකාවට නැගි රෝසි සේනානායක අද දක්වා ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන් දායාද කළ කිසිවක් නැත. මියා කලීෆා , සනී ලියෝන් තරම් ජනප්‍රිය නොවුණද සුනන්දා රණසිංහ සහ ඇගේ කවි ද , "තැනිතලා බිමක සිහින ඉම" වැනි රාජ්‍ය සම්මානයට නිර්දේශ වූ කාව්‍ය කෘති පිළිබඳ ද දන්නෝ පමණක් දනිති.

සුරීන් චාමර සහ කසුන් චතුරංග ගැන ද කියන්නට ඇත්‍තේ එයම ය. බාගදා ඔවුන් මාතර පිහි හරඹ පෙන්නූ සිසුවා මෙන් රටම දන්නා පුද්ගලයන් විය නොහැකිය. නමුත් එදා විසි හය හැවිරිදි සුනන්දා මෙන්ම ඔවුන් ප්‍රතිපත්තිගරුක, කශේරුකාවක් සහිත ජීවිතයකට ඇලුම් කරන බව පෙනී යයි.

මිත්‍රවරුනි ;
ප්‍රතිපත්තිගරුක, කශේරුකාවක් සහිත ජීවිතයක් සහ උදය ගම්මන්පිලගේ ජීවිතය යන විකල්ප දෙක අතරින් ඔබ තෝරා ගන්නේ කුමක්ද ?

- සහන් කසීර වික්‍රමසිංහ 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

කරුණු විකෘති කරන්න් එපා - ජර්මන් තානාපති ‌‌මෛත්‍රීට කියලා

දෙසැම්බර් 6, 2018

ජර්මනියේ මාස 06 ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය...

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

ජනාධිපති සිරි‌සේන හාන්සි කරවන රජිත් කීර්තිගේ ලීක්වුණු කෝල් එක මෙන්න

දෙසැම්බර් 6, 2018

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාල සම්පූර්ණ වාර්තාව තමන් කියවූ බව රාජ්‍ය...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...