ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටී (New Version) - Lanka News Web (LNW)

ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටී (New Version)

කොමියුනිස්ට්වාදය - ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටි. රජය ඔවුන් දෙදෙනාම රජයට පවරා ගෙන ඔබට හිමි කිරි ප්‍රමාණය ලබාදෙයි.
සමාජවාදය - ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටි. ඉන් එකෙකු ඔබ අසල්වැසියාට ලබා දේ.
 
පැසිස්ට්වාදය - ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටි. ඉන් දෙදෙනාම රජයට පවරාගෙන. රජය ඔබට කිරි මිලට විකුණයි.
 
නිළධාරීවාදය - රජය එළදෙනුන් දෙදෙනාම පවරාගෙන එක් එළදෙනක් වෙඩි තබා ඝාතනය කර අනෙකාගේන් කිරි දොවා, කිරි ඉවත දමයි.
 
ධනවාදය - ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටි.ඉන් එකෙකු විකුණා ගවයෙකු මිලට් ගනී. ගව පට්ටිය විශාල වී ආර්ථිකය ප්‍රසාරණය වේ. පසුව ඒ සියල්ලොම විකුණාදමා ලැබූ ආදායමින් විශ්‍රාමය හත කරයි.
 
ප්‍රංශ සමාගම - ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටි. ඔබ වැඩවර්ජනය කර, ආරවුල් ඇතිකර , මාර්ග අවහිර කොට තවත් ගවයෙකු ඉල්ලා සිටී
 
ඇමරිකානු සමාගම - එක් එළදෙනෙකු විකුණා දමා. ඉතිරි එළදෙනට එළදෙනුන් හතර දෙනෙකුගේ කිරි නිශ්පාදනයට බල කරයි. පසුව, එළදෙන මියයාමට හේතුව සෙවීම සඳහා විශේෂඥයකු පත් කරයි.
 
ස්වීස් සමාගම - ඔබට එළදෙනුන් 5000ක් සිටී. නමුත් කිසිවෙකු ඔබට අයිති නැත. ඔවුන් රඳවා තබා ගැනීම පිළිබඳව ඔබ ඔවුන්ගේ හිමිකරුගෙන් වන්දි ඉල්ලා සිටී.
 
අයර්ලන්ත සමාගම - ඔබට එළදෙනුන් දෙදෙනකු සිටි. ඉන් එකෙක් අශ්වයකි.
 
ඕස්ට්‍රේලියානු සමාගම - ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටි. ව්‍යාපාරය ඉතා හොඳින් ක්‍රියාත්මක වනු බව දැකිය හැකිය. එය සැමරීම සඳහා ඔබ කාර්‍යාලය වසාදමා බියර් අවන්හලකට යයි.
 
ලංකාව - ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටි. දෙදෙනාම චීන ණය මත චීනයෙන් ආනයනය කරන ලද උන් ය. (ණය ප්‍රමාණය මත එළදෙනුන් පහක් මිලට ගත හැකි වුවද ඉතිරි මුදල් පිළිබඳ තොරතුරක් නැත) ආණ්ඩු මාරුවකට පසු විශේෂ ජනපති කොමිසමක් හරහා මෙම එළදෙනුන් තවම මල්වර වී නොමැති බව සොයා ගනි. පසුව එළදෙනුන් චීන රජයට 99 අවුරුද්දකට බදු දෙයි.
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

අරුන් ‘ආවා-ගියා‘ වේවිද?

පෙබරවාරි 12, 2019

උතුරේ තරුව - අරුන් වෙත ආදරයෙන් ලියමි!

මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ. හැබැයි වැරදි වැඩට අපි සම්බන්ධ නෑ - ලක්ෂ්මන් යාපා

පෙබරවාරි 13, 2019

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා...

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි.

පෙබරවාරි 11, 2019

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක...