සීමා බිඳුන GitHub ! - Lanka News Web (LNW)

සීමා බිඳුන GitHub !

දැනටමත් ගිට් හබ් යූස් කරන, ෆ්‍රී අකවුන්ට් අයටනම් මේ අවුරුද්ද පටන් ගන්නකොටම සතුටු හිතෙන ආරංචියක් තමයි අහන්න ලැබෙන්නෙ. ඉස්සර නම් ගිට් හබ් එකේ නොමිලේ ලැබෙන එකවුන්ට් වල කෝඩ් එක හැමෝටම බලන්න පුළුවන් විදිහට පබ්ලික් විදිහට හදන්න ඕනි. ප්‍රයිවට් රෙපොසටරි එකක් ඕනි නම් ගෙවීමක් කරලා ඒ සේවාව ගන්න ඕනි වුණා. ඒත් මේ මාසේ ඉඳලා ෆ්‍රී එකවුන්ට් තියෙන අයටත් unlimited private projects හදන්න දැන් පුළුවන්.
මේ ප්‍රයිවට් රෙපොසටරිවල උපරිම 3 දෙනෙකුට විතරයි වැඩකරන්න පුළුවන්. පබ්ලික් රෙපොසටරිවල තවමත් ඕනෑ තරම් අයට එකට එකතු කරගෙන වැඩ කරන්න පුළුවන්.
 
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් ගිට් හබ් වෙබ් අඩවිය මිලදී ගනු ලැබුවා. සමහරු නම් මේ ගැන වැඩි ප්‍රසාදයක් දැක්වුයේ නම් නෑ. ඒ ගිට් හබ් වල තිබුණු සාම්ප්‍රදායික නීති රීති වෙනස් වී මුදල් උපයන අරමුණින් නව නීති රීති ඒවි යැයි සිතාය. නමුත් මේ සිදුවුණේ වෙනස්ම පෙරලියකි. ඒ අනුව මයික්‍රෝසොෆ්ට් සමාගම කුඩා කණ්ඩායම් වලින් මුදල් ලබා නොගෙන ආදායමක් උපයන විශාල ව්‍යාපාර වලින් මුදල් ලබා ගැනීම සිදුවේවි.
                
ඒ වගේම Enterprise Cloud හා Enterprise Server යන සේවාවන් දෙකම GitHub Enterprise විදිහට අලෙවි කරන්න වගේම GitHub Developer කියන නමත් ඉදිරියට GitHub Pro විදිහට වෙනස් කරන්නත් මයික්‍රෝසොෆ්ට් සමාගම තීරණය කරලා තියෙනවා. කොහොම වුණත් කාටත් සාදාරණ වෙන විදිහට ගිට් හබ් එක වෙනසක් කරන්න මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකිවෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනස නිසා තව තවත් අය ගිට් හබ් වෙත ආකර්ෂණය වේවි.
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...