සිහින සියයක අංශු පිරියම් කර නිමැවූ ගුප්ත දහමකි නුඹ, උග්‍ර බැතිමතියකි මම ! - වින්ද්‍යා ආරියරත්න - Lanka News Web (LNW)

සිහින සියයක අංශු පිරියම් කර නිමැවූ ගුප්ත දහමකි නුඹ, උග්‍ර බැතිමතියකි මම ! - වින්ද්‍යා ආරියරත්න

ඇහේ වැදෙනා කඳු තරම් සාධක 
නොදැක්කා සේ හිඳිමි
නේක සාධාරණ තර්කයන්
නෑසූනා සේ හිඳිමි
අවිශ්වාසය පාපීය !
කෙඳි තරම් ප්‍රේමයේ සළකුණු
පුන පුනා සිහිකරමි
හදවතේ මැද කඳු තරම් ගොඩ ගසමි
ඇදහිල්ල නොසෙල්වෙන සුළුය !
 
අපහැදිලි ස්වප්නමය හේතුමත
රහස් හිස්ටීරියාවක ගිලෙමි
මදහසක මැද්දෑවෙ කඳුළු වගුරා හඩමි!
ප්‍රාතිහාර්යයක සළකුණු සොයා වෙහෙසෙමි!
 
නිමක් නැති මුඩු වියළි නිම්නයක
නමක් නැති දනව්වක වන්දනාවක යමි!
සුපිපි මල් සියක් මිලියනක් මැද
සිහිනයකදී වෙහෙසින් නිවෙමි!
 
ඔබේ ප්‍රේමය
මිහිරි මිත්‍යාදෘෂ්ටියක් වන විට
මේ උමතු වෘතයෙන්
මිදෙන'යුරු නොදනිමි!
ඔබ හදවතින් ගෙන මම තනිව ඇවිදිමි!
සංසාර මාවතේ දිග නොසළකා හරිමි!
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.