අපේ කාලයේ උත්සහවන්තයා ; නිරෝශන් ප්‍රේමරත්න කතා වස්තුව..

අපේ කාලයේ උත්සහවන්තයා ; නිරෝශන් ප්‍රේමරත්න කතා වස්තුව..

9 February 2019 03:06 am

ව්‍යාපාර ලෝකයෙ හිනිපෙත්තටම නැගීමට උත්සහ ගන්නා අපේ කාලයේ උත්සහවන්තයා නිරෝශන් ප්‍රේමරත්න කතා වස්තුව..




තමුන්ටම කියල රටේ කිසිම ඉඩමක් තිබ්බෙ නෑ...

පාර්ලිමේන්තු පඩියත් රු 100,000කට අඩුයි,

ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෙ. හැබැයි ණයක් ගන්න ඇපයට තියන්න කිසිවක් නෑ.

තලවතුගොඩ යාලුවෙක් ඇවිල්ල කෝටි ගානක් ඉඩමක් නිකං ලියලම දෙනව.

ඒ ඉඩම පාර්ලිමේන්තුවේ ලංකා බැංකුවට උගස් තියල කෝටි 8ක් (?) ණයක් ගන්නව. ඒකෙං ව්‍යාපාරයක් පටං ගන්නව.

මාසික ණය වාරිකය ලක්ශ 7+.

දැං ව්‍යාපාරය අගේට කරගෙන ණය වාරිකෙත් ගෙවාගෙන ලස්සනට ජීවත් වෙනව.
.
.
Moral of the story

අපිට ඉන්න රු500ක් ණයට ගන්න බැරි යාලුවො. යන්න පුලුවං නං එකෙක්ට හරි, තමංගෙ මුලු සබ්බ සකලමනාවම විකුනල චන්ද කරල පාර්ලිමේන්තු පලයල්ල. ගියාම මාර වෙස්සන්තර යාලුවො ඕයි සෙට් වෙන්නෙ....

- පණ්ඩුල නයන බණ්ඩාර