ATM වංචාව ; දෛනික මුදල් සීමාව අඩු කරයි !

ATM වංචාව ; දෛනික මුදල් සීමාව අඩු කරයි !

9 February 2019 03:47 pm

ATM යන්ත්‍ර ආශ්‍රිත වංචාව සඳහා තාවකාලික ආරක්ෂක ක්‍රියා මාර්ගයක් ලෙස , සමහර බැංකු ඔවුන්ගේ ATM යන්ත්‍ර වල එක් ගිණුමකින් දිනකට ආපසු ලබා ගත හැකි මුදල් සීමාව පහත හෙළා ඇත. ඒ අනුව මෙතක් දිනකට රු.80,000/- ක් වැනි මුදල් සීමාවක් ලබාගැනීමේ පහසුකම තිබූ යන්ත්‍ර වල මේ දිනවල එම සීමාව රු.50,000/- පමණ වී ඇත.

 

මහජන බැංකුව මේ වන විටත් එම ආරක්ෂක පියවරට එළැඹ ඇති අතර අනෙක් බැංකු ද එසේ කිරීමට ඉඩ ඇත.

හදිසි අවශ්‍යතා උදෙසා අවසානම මොහොතේ ATM යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීමට සිතා සිටින අයගේ දැනුවත්වීම පිණිස ය.

- සහන් කසීර වික්‍රමසිංහ