ටොයියන්ගෙයි බයියන්ගෙයි වෙනස

ටොයියන්ගෙයි බයියන්ගෙයි වෙනස

10 February 2019 02:39 pm

මානසික රෝගියෙකුයි ස්නායු රෝගියෙකුයි අතරෙ තියෙන වෙනස මොකද්ද දන්නවද. මේක ඉතිං ඔය එග්සෑම් වලට ලියන ඩෙෆිනීශන් එකක් වගේ ගන්න එපා. හැබැයි ව්‍යවහාරික කතාවක් තියෙනවා ඒ වෙනස මෙන්න මේ වගෙයි කියලා.

 

මානසික රෝගියෙක් හිතනවා දෙකයි දෙකයි එකතු කලාම පහයි කියලා. හැබැයි ස්නායු රෝගියෙක් දන්නවා දෙකයි දෙකයි එකතු කලාම හතරයි කියලා. හැබැයි මිනිහට දෙකයි දෙකයි හතර වෙන එක මාර ප්‍රස්නයක්.

දැං ඕක මතක් වුනේ මේකයි. අපේ ඔය වාමාංසික ප්‍රබුද්ධ යාලුවෝ කියනවනේ ටොයියො කියන්නෙත් බයියොමය. පුංචි පරිණාමික වෙනසක් තිබුණත් එකම ජාතියෙ සත්‍තුය කියලා. ඒ කතාව ඇත්ත වුනත් දෙගොල්ලොංගෙ පුංචි වෙනසක් තියෙනවා

ඒක මෙහෙමයි. දැං අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව මංකොල්ල කාපු බවය්හ් ඒකට වික්‍රමසිංහ ගොයියාගේ සහය ලැබුණ බවත් ටොයියො හොඳටම දන්නවා. රවියා ගෙදරට කුලිය ගෙවන්නෙ කවුද දන්නෙ නැතුව ලොවෙත් ගෙදර හිටියෙ නෑ හොඳම එකෙං හම්බුනාය කියලා උං දන්නවා. වික්‍රමසිංහ ලොක්කාගේ බටලන්දේ චෝදනා කොමිසම් සභාවෙං සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රීය වුනේ නෑ චන්ද්‍රිකා ඇන්ටි නීතිපති නිශ්ක්‍රීය කරපු නිසා වැඩේ ගොඩ ගියා කියලා උං දන්නවා. මංගලගෙ ලේකම් හල්ලොලුව රේගුවට හොම්බ දාන්න ගියෙ තුන්සිය පනහට දෙන පෝර මිටි අස්සෙ සේනා දළඹුවෝ හොයන්න නෙමේ කියලා උං දන්නවා. හැබැයි මේ ඔක්කොම දැනගෙනත් පුද්ගලික හෝ හානි වලට වඩා වටින සමාජීය ප්‍රතිලාභ තියෙනවා කියලා හිතලා උං තිරිසනාට කතිරෙ ගහනවා.

හැබැයි අපේ බයි යාලුවෝ ඊට වඩා ටිකක් වෙනස්. නිරෝෂන් මන්ත්‍රී තුමා අර මළ ගෙදර ගියේ මැරිච්ච එකා කවුද කියලා හාංකවිසියක් නොදැන ගමේ මළගෙයක් නිසා ඕඹියක් ගහලා බුලත් විටක් කාලා නෙස්කැෆේ එකක් බීලා එන්නය කියලා උං විශ්වාස කරනවා. අතේ පිච්චිය නැතුව අර බොරැල්ල හංදියේ කමලක්කගෙද කාගෙද කඩෙං ණයට ආප්ප කැවා කියපු වීරවංශ මහත්තයා ගොඩ ගියේ ශෂී නැන්දි තුන්තිස්පැයම නොකා නොබී නිදි වරා ගෙන ගොඩ දාපු කොමොයුනිකේශන් එකෙං පටං ගත්තු බිස්නස් වලිං කියලා උං ලොවෙත් විශ්වාස කරනවා. හෙල්පිං හම්බන්තොට කියලා ගිණුමක් වැරදිලා හරි තිබිලා බැංකු මැනේජර් කෙනෙකුගේ අතපසුවීමකින් වත් මහිංද මහත්තයගේ එකෞන්ට් එකකට ඒකෙං සල්ලි ට්‍රාන්සර් වුනේ නෑ කියලා උංට ඉර හඳ පායනවට වඩා විස්සාසයි.

ඔන්නෝකයි ඉතිං වෙනස. වෙනසක් කිවුවට වෙනසක්මත් නෙමේ ඉතිං. මොකද දෙකේම ප්‍රතිපලේ එකම තමා.

- රවීෂ තිලකවර්ධන