කුරුළු සභාවේ අය - වැය සංවාදය... - Lanka News Web (LNW)

කුරුළු සභාවේ අය - වැය සංවාදය...

ගෙදර ළඟම අඹ ගහ උඩ
පාන්දරම හරි කළබල
විපරම් කර බැලූ කලට
අය - වැය සංවාදෙලු අද
 
අතුගෑවිලා ගෙයින් දොරට
එන වේලුන කුණු බත් ඇට
වෙනදට නම් ඕන තරම්
මෙදා සැරේ ඒවත්  නෑ
 
කොහෙන්ද ආ බළල් තඩියා
ගිලදමනව දෙන සේරම
ඒ මදිවට දවාලටත්
පනිනවා අපෙ ගෙවල්වලට
 
කන්තෝරුවෙ නෝනට නම්
දෙදහස් පන්සීයක් පඩි
වැඩි කරල ලු එන වැටුපට
කීවේ හරි උජාරුවට
 
බොර තෙල් බර අරාබියේ
වැඩි හින්දලු ඉහළ ගියේ
එළවළු මිල ගමේ කඩේ
මන්ත්‍රිතුමා කියලා තියේ
 
අමාරුවෙන් බලන් ඉඳලා
එහෙන් මෙහෙන් ඇණලා කරලා
කටට මොකුත් ඔබා ගන්න 
තිබුනෙ එකයි වත්ත පහළ
ඒකත් අද අරන්  ගියා
පොහොරලු කොම්පෝස්ට් කියලා
 
සභාව කල් තබන ලදී.......
 
අසන්ති කරුණානායක

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb