චීවර ත්‍රස්තවාදය හමුවේ වත්මන් ගිහියාගේ අභියෝගය හෙවත් ශක්තික සත්කුමාර බන්ධනාගරගත කිරීම.

චීවර ත්‍රස්තවාදය හමුවේ වත්මන් ගිහියාගේ අභියෝගය හෙවත් ශක්තික සත්කුමාර බන්ධනාගරගත කිරීම.

2 April 2019 02:37 am

සාහිත්‍ය නිර්මාණ උදෙසා යෞවන සම්මාන ලාභියෙක් වන ශක්තික සත්කුමාර නම් වූ තරුණ සාහිත්‍යවේදියා විසින් මුහුණු පොතේ පල කළ " අර්ධ" නම් කෙටිකතාව ට එරෙහිව "බුදු දහම රැක ගැනීමේ යොවුන් පෙරමුණ , පොල්ගහවෙල" නමින් ඉදිරිපත් වූ භික්ෂු සංවිධානයක් පොලිසියට පැමිණිලි කරන්නේ මේ අතරතුරය. බණ්ඩාරණායක ඝාතනයේ සිට අද දක්වාම සකලවිධ පඩත්තල වැඩක් කර හසු වූ පසු එක්වරම "චීවරධාරීන්" බවට පරිවර්තනය වන එසේ හසුවන තාක් ම "අති උතුම් සංඝරත්නය" වන මේ කොට්ඨාසයේ පැමිණිල්ල ට අනුව ශක්තික සත්කුමාර ව පොලීසියට කැඳවා ඔහුව රඳවාගෙන උසාවියට ඉදිරි පත් කර ඇත. උසාවියේ දී ICCPR පනතට අනුව ආගමට අපහාස කළැයි යන චෝදනාව ගොනු කරනු ලැබූ ශක්තික සත්කුමාර නම් සාහිත්‍යවේදියා අප්‍රේල් මස 09 වැනි දා වන තෙක් කෑගල්ල බන්ධනාගරය වෙත යොමු කර තිබේ.

 

චීවරයට මුවා වී බත් පතේ සිට අනෙක් සෑම සියලු දෙයම ගිහියාගෙන් සූරා කන භික්ෂු සංඝයා සංවිධාන පිහිටුවා ගත් සැණින් ගිහියා බන්ධනාගාර ගත කිරීම යනු බෞද්ධ දර්ශනය ද ? ගිහියාගේ රමණයේ සිට සෑම සියලු මලදානයකට ම සිවුර කැසකවාගෙන එන්නට දත කන භික්ෂු වර්ගයා තමන්ගේ සමාජයේ ජඩ කම් , බලු කම් සහ නරි කම් ඉදිරියේ මෙලෙස සංවිධානගත ව පොලිසියට ගිය අවස්ථාවක් ඉතිහාසයේ තිබේ ද ?

නුගේගොඩ සිරි විමලාරාමයේ උපකාරක පංතියකට ගිය දහ තුන් හැවිරිදි දැරිය දූෂණය කළේ ඔය නිර්මල බුදු දහම රකින්නට පේටන්ට් බලපත්‍රය වන කහ සිවුර පොරවාගත් බෙල්ලන පඥ්ඥාලෝක නම් භික්ෂුව ය. උපකාරක පංතියකට පන්සලට පැමිණෙන දහතුන් හැවිරිදි දැරිය දූෂණය කළ විට බුද්ධාගම සහ බුද්ධ වචනය කෙළෙසන බවට පැමිණිලි කරන්නට එකදු පිංබත් බුදින්නන්ගේ සංගමයක් ඉදිරිපත් නොවුණි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරු ව විසි වසරක සිර දඬුවමක් නියම වූ විට සඟවාගෙන සිටි වස කුප්පියක් පානය කර අධිකරණ භූමියේ ම අමා මහ නිවන් සුවය දක්නා තුරුම බුදු දහමේ නාමයෙන් මේ කාමුකයාගේ වෘෂණ කෝෂ තලන්නට එකදු පිංබත් බුදින්නන්ගේ සංගමයක් ඉදිරිපත් නොවුණි.

කතරගම වැඩිහිටිකන්ද දූෂණ නඩුව ඔබට තවමත් මතක නම් ඒ හරහා බුදු දහම ට සිදු වූ නිර්මල සේවය කුමක්දැයි විමසා බැලිය හැකිය. ගාල්ල මහේස්ත්‍රාත් විසින් විහාරස්ථානාධිපති රත්මලානේ සිද්ධාර්ථ නම් භික්ෂුව වැරදිකරු කරනු ලැබුවේ එකම පවුලේ දැරියන් සිව් දෙනෙක් විහාරස්ථානයේ කාමරයක රඳවාගෙන වරින්වර ඔවුන් අතවරයට ලක් කිරීමේ චෝදනාවට ය. බුදු දහමේ නාමයෙන් මේ කාමුකයාගේ වෘෂණ කෝෂ තලන්නට එකදු පිංබත් බුදින්නන්ගේ සංගමයක් ඉදිරිපත් නොවුණි.

මිත්‍රවරුනි ;
හඳුනාගත යුතු සහ සූදානම් විය යුතු අනතුර ඇත්තේ අරාබියෙන් හෝ ජෙරුසලමෙන් නොව ඔබගේ ළඟම ඇති පන්සලෙන් බව වටහා ගන්නට කාලය එළැඹ ඇත. පන්සල් වත්තේ ඇබිත්තයාගේ ගුද මාර්ගයේ සිට දහම් පාසලට , පංතියට එන දැරියගේ යෝනිය දක්වා විහාර හා දේවාලගම් පනත යටතට පවරාගන්නා විට මුවින් නොබැන සිටින භික්ෂූන් සිවුර ඔසවාගෙන මරහඬ තලන්නේ ගිහියාගේ භාෂණයේ නිදහස සහ ගිහි බවේ නිදහස අහිමි කරමිනි.

ශක්තික සත්කුමාර වෙනුවෙන් නැගී සිටින්නට ද මේ චීවර ත්‍රස්තවාදය පරාජය කරන්නට ද සියල්ලන් නැගී සිටිය යුතු කාලය එළැඹ ඇත.

පන්සල දැන්වත් පන්සලේ සීමාව කොතැනදැයි හඳුනාගත යුතු ය.

- සහන් කසීර වික්‍රමසිංහ