තලේබාන් පන්නයේ ආගමික පොලිසියට එරෙහිව ගත යුතු ඉදිරි පියවර

තලේබාන් පන්නයේ ආගමික පොලිසියට එරෙහිව ගත යුතු ඉදිරි පියවර

2 April 2019 03:24 pm

සංස්කෘතික හා තලෙයිබානු ආගමික පොලිසිය විසින් නිදහස් හා ස්වාධීන සිවිල් පුරවැසියන්, තමන්ගේ තුට්ටු දෙකේ උවමනා එපාකම් වෙනුවෙන් රටේ නීතිය අවභාවිත කරන සැනින් , එයට එරෙහිව පෙල ගැසෙන්නට තරම් කිහිප දෙනෙක් හෝ මේ රටේ සිටීම වාසනාවකි.

 

නමුත් මේ විරෝධයෙහි ශුද්ධ අරමුන තේරුම් ගෙන එය දේශපාලනිකව සූත්‍ර ගත කරගෙන, එය දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් දක්වා වර්ධනය කල හැකි දේශපාලන පක්ෂයක් හෝ කන්ඩායමක් ලංකාව තුල නොමැති වීමෙන් වෙන එකම දේ , ඒ සියලු විරෝධයන් යම් යම් පුද්ගලයින් විසින් තම පුද්ගලික පැවැත්ම වෙනුවෙන් භාවිත කරන තැනට ලඝු වෙමින් මතු වන සැනින්ම ඒ සියලු විරෝධයන් දිය වී යාම පමනි.

සීගිරියට පුක පෙන්නූ කොල්ලන් ටිකක් සිරිසේනගේ සංස්කෘතික පොලිසිය විසින් පුරාවිද්‍යා පනත වැනි දැඩි අනම්‍ය පනතක් යටතේ රිමාන්ඩ් කල විට අප නැගූ හඬ තමන්ගේ එකක් කරගන, තුං හතර වරේ කෝල් කරමින් උපදෙස් ගෙන, ඒ හරහා තමංගේ රැස් වලල්ල පුලුල් කර ගත් එක් සමාජ ක්‍රියාකාරිකයෙක් අද වෙනකොට සිරිසේනගේ ආශිර්වාදය ලැබ ,ආන්ඩුකාර තනතුරක්ද ලැබ, අර ගන ගෝත්‍රික සංඝ සමාජයේ කක්කුස්සි හෝදන මාධ්‍ය ප්‍රකාශකයෙක්ගේ ගානට වැටී ඇත.

ලංකාවේ හැම විරෝධයක්ම කෙලවර වන්නේ ඕම පජාතීයම විදියටය.

ශක්තික සත්කුමාර ගැන කීමට ඇත්තේද ඔය ටිකමය.

ඔහුව රිමාන්ඩ් කරන්නේ මිනිසුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුනු කරගෙන ඇති කර ගත් ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ලංකාවේ නීතියට අවශෝෂනය කර ගත් 2007 අංක 56 දරන අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ පනත , එහි මුඛ්‍යාර්ථයෙන් ගලවා තම පුද්ගලික න්‍යාය පත්‍රය ට බහා ගත් සිරිසේන ජනාධිපතිවරයා ගේ සුවච කීකරු ගෝලයින්ගෙන් කෙනෙක් වන පොලිස්පතිවරයාය.

ඔහු අදාල පනත ඉදිරියට දමා නඩු පවරන්නේ මෙරටට වින කරපු, අදාල ප්‍රඥප්තිය තබා රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව වත් පයිසෙකට මායිම් නොකර, මෙරට ජාති භේදවාදයේ වස විෂ තොග පිටින් සමාජ ගත කරමින් තවත් වර්ගවාදී යුද්ධයක් කරා රට තල්ලු කරන්නට උත්සහා කරන රාජපක්ෂවාදීන් ගේ මුදුන් මල්කඩක් බඳු අභයතිස්සලා වැනි මුඩු මහනන් සන්තර්පනය කිරීම සඳහා ය.

දැං ශක්තික ගැන ලංකාවේ සිවිල් සමාජයට අමුතු ආලයක් පහල වී ඇත.

දැං ඔවුන් ඒ සඳහා මතවාදයක් දියත් කිරීම සඳහා පාරට බැස ඇති වෙලාවේ, ජීවිතේට කෙටි කතාවක්, නවකතාවක් කියවපු නැති , ඒ වුනාට ආන්ඩුව එක්ක, පොලිසිය එක්ක,සංඝ සමාජය එක්ක,අධිකරණය එක්ක, ලෝයර්ස්ලා එක්ක තියෙන පරන ඇරියස් කවර් කරන්ඩ හිතාන ඉන්න තව පිරිසක් අර පෙලපාලිය පිටු පසින් කුනු හරුප කියමින්, පාරවල් හරස් කරමින්, ඩප්පි කුප්පි අපටම දික් කරමින්, බල්ටි ගසමින් පැමිනෙමින් සිටී.

මාක්ස් ඒ කාලේ හැටියට අර්ථ දැක් වූ, ප්‍රතිශංස්කරනවාදී හෝ විමුක්ති අරගලයකදී සත පහකට විශ්වාස කල නොහැකි පාදඩ නිඒධන පන්තිකයාගේ වර්තමාන භූමිකාව එය ය.

ඒටත් මේටත් නැති ගන්ධබ්බ සමාජයක මතු වන මතවාදී හා සමාජ අරගල ලත් තැනම ලොප් වෙන දේශපාලනය තේරුම් කර දීම මේ මොහොතේ මගේ කාර්යය නොවේ.

එහෙත් 2007 අංක 56 දරන පනත ලාංකීය නීතියක් වූ දා පටන් එය ක්‍රියාත්මක විය යුත්තේ රටේ මූලික නීතිය වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට යටත්ව බවත් , ඒ අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අති අනුලංඝනීය වගන්තියක් වන 14 වන වගන්තියේ සදහන් භාෂනයේ, ප්‍රකාශනයේ, හා නිදහස් මත දැරීමේ අයිතිය වෙනත් කිසිම පනතකින් සීමා කල හැක්කේ එහිම වන ව්‍යතිරේඛ අවස්ථාවලට යටත්ව පමනි.

උක්ත පනතෙහි ගැබ්ව ඇති සහ එහි මුඛ්‍ය අරමුන වන්නේද රජය විසින් එකී අයිතිවාසිකම් රැක දිය යුතුය යන්නය.

ඒ අනුව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විටත් ශක්තික සත්කුමාරට රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තිය ප්‍රකාරව හිමි වී ඇති මූලික අයිතිවාසිකම කඩ කර ඇත.

අදාල පනත ප්‍රකාරව නඩු පැවරීමේදී , මහේස්ත්‍රාත්වරයකෙුට සැක කරු ට ඇප ලබා දිය නොහැකි වන තරමට අදාල පනත උක්ත ප්‍රඥප්තිය දැඩි අනම්‍යකරනයකට ලක් කර ඇත.

ඇතැම් විට නඩු විභාගයක් හෝ අවසන් නඩු තීන්දුවක් නොමැතිව, ශක්තික හෙට අනිද්දා ඇප මත මුදා හැරෙනු ඇත, නැත්නම් නිදොස් කොට නිදහස් කරනු ඇත.

කනගාටුවට කරුනනම් ඒ සමඟම අප මේ මතු කරන කාරනාද ඒත් සමඟම මෙරට මිනිසුන් විසින් තම මනසින් නිදහස් කර දැමීමය.

නමුත් තවත් කලාකරුවෙකුට, ස්වාධීන මතවාදියකුට නැවත වතාවක් ආයේ යම් කිසි දිනෙක නඩු පවරනු ඇත.

ශක්තිකට වුන මේ අසාධාරනය සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම අභියෝගයට ලක් කරමින් ශක්තිකට එරෙහිව පැමිනිලි දැමූ, නඩු පැවරූ සැවොම සහ රටේ නීතිපතිවරයා වග උත්තරකරුවන් කරමින් ,වහාම මූලික අයිතිවාසිකම් පෙත්සමක් උපරිමාධිකරණය හමුවේ ගොනු කල යුතු අතර ඒ හරහා අදාල පනත හරහා නඩු පැවරීමට පොලිසියට හැකි අවස්ථා සහ නොහැකි අවස්ථා ද ඇතුලු පුලුල් අර්ථ නිරූපනයක් උපරිමාධිකරණය විසින් ලබා දෙනු ඇත.

එවැනි අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 87 ක් පමනි.අදාල කාල සීමාව ඉක්ම ගිය විට පවරන ලද නඩුවේ වැඩි වාසිය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් ඩැහැ ගනු ඇත.

කහකඩයින් සහ උන්මත්තක පොලිස් නිලධාරින් විසින් මෙවැනි අහිංසකයින් නීතියේ රැහැනින් බැඳ ගෙන එන විට තමන් නීතිය ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද යන්න ගැන පහල උසාවිවල ඉන්න මහේස්ත්‍රාත්වරු සහ නීති වේදීන් ඒ හරහා දැනුවත් වනු ඇති අතර එය මේ රටේම පොලිසියට සහ වග කිව යුතු හැමෝටම පූර්වාදර්ශයක් වනු ඇත.

- නීතීඥ වසන්ත සිරි වටගොඩ