හෙළ ජාතික අභිමානේ....

හෙළ ජාතික අභිමානේ....

20 April 2019 03:27 am

රෝහිත රාජපක්ෂගේ සහ ටට්‍යානාගේ පෞද්ගලික සංචාරයක නාන ඇඳුම්වලින් ගත්ත ඉතාම ආදරණීය ඡායාරූපයකට මහින්ද පාක්ෂිකයන් සිංහල බෞද්ධ සංස්කෘතිය, සභ්‍යත්වය, ආගම, ජාතිය, මහින්දවාදය පදනම් කරගෙන නොසෑහෙන්න බැනලා, ධර්ම දේසනා කරලා තිබ්බා ඒ ඇඳුම් ගැලපෙන්නෙ නෑ කියලා. අවසානෙදි ඒ ඡායාරූපය රෝහිතගෙ සමාජජාල ගිණුමෙන් ඉවත් කරගෙන තිබුණා. 
 
රෝහිතලට ඒ ලැබෙන්න එයාගෙ පියා මූලික කරගෙන මේ රටේ කාලයක් තිස්සෙ ගොඩනගපු අන්තවාදී වික්ටෝරියන් සදාචාරයේ ප්‍රථිඵල. පොටෝ එක ඉවත් කරගන්න බැක්ෆයර් වෙනකන්ම උන්ට ඒක තෙරෙන්නෙත් නෑ.
 
ඒ වගේම දේසපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් ගොඩනගපු සිංහලබෞද්ධ වික්ටෝරියානු සදාචාරවාදී මාකටිං කැම්පේන් එකට අහුවෙලා ඉන්න රාජපක්ෂවාදීනුත් දන්නෙ නෑ එයාලව ආගම, ජාතිකත්වය සංස්කෘතිය සභ්‍යත්වය ඉස්සරහට දාලා පාලනය කරන , ඒක වෙනුවෙන් ජීවිතය පුදන්න ලෑස්තිවෙලා ඉන්නවා කියලා පෙන්නන දේසපාලන පවුල් , ඒ සියලු කතන්දර වලට පටහැනි මෙහෙ ගහපු ඉරි කොටු වලින් එලියට පැනපු නිදහස් ලිබරල් ජීවිත ගත කරනවා සහ විඳිනවා කියන එක.
 
බණ්ඩාරනායකලා සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතියයි ආගමයි ඉස්සරහට දාලා බලය රඳවගන්න ගමන් ළමයින්ව එංගලන්තෙ ප්‍රංසෙ යවලා ඉගැන්නුවා වගේම එකක් තමයි මේකත්.
 
ඡන්දෙ දෙන උන්ට තේරෙන්නෙ නෑ තාම ඡන්ද පදනමක් වෙනුවෙන් ජාතියයි ආගමයි සංස්කෘතියයි පෙන්නලා උන්ව රවට්ටලා තියනවා කියන එක.
 
මේ දේසපාලනික ව්‍යාපෘතියට අදාලව ගොඩනගපු වික්ටෝරියන් සංස්කෘතිය එන්න කලින් ලංකාවෙ ගෑණු ළමයි මිනි ගවුම ඇඳගෙන පාරෙ ගියා. ඇඟවල් වලට බෙඩ්සීට් පොරවන්නෙ නැතුව සැහැල්ලුවෙන් රුවන්වැලි සෑය, ශ්‍රීමහා බෝධිය , දළදා මාලිගාව වඳින්න ගියා.
 
අන්තිමට මතක් වෙනවා ඉස්සර ලෝක යුද්ධ වලට කලින් කලින් එංගලන්තය ඇමරිකාව ඇතුළු යුරෝප. එහෙ වික්ටෝරියන් සංස්කෘතිය තියන කාලෙ මුහුදු වෙරළක බිකිනියක් අඳින්න බැහැ. පිරිමින්ටත් උඩුකය නිරුවතින් ඉන්න සීමා පනවලා තිබුනෙ. දැං රෝහිතටයි ටට්‍යානාටයි බනින විදිහට තමයි අසභ්‍ය දෙයක් විදිහට දැක්කෙ. පාරකවත් ශරීරය නිරාවරණය කරගෙන යන්න සීමා පනවලා තිබ්බෙ. අන්තවාදී සදාචාරයක් නඩත්තු කලා.
 
chikago 1
 
පස්සෙ උන් තේරුම් ගත්තා. 
 
ඒත් අපේ උන් තාම 1920 ඉන්නෙ.
 
ඔය උඩ පොටෝ එකේ තියෙන්නෙ 1922 දි නියමිත දිග ප්‍රමාණ උල්ලංඝනය කරපු නාන ඇඳුමක් ඇඳපු කාන්තාවන් දෙන්නෙක්ව චිකාගෝ පොලීසියෙන් අත්අඩංගුවට ගන්න දර්ශනයක්. පහළින් තියෙන්නෙ බිකිනියෙ දිග මනින පොලිස් නිලධාරීන්ගෙ ඡායාරූපයක්. අන්තර්ජාලයෙ තව ඕන තරම් ඡායාරූප මේ ගැන හොයාගන්න පුළුවන්.
 
chikago 2
 
- චමල් අකලංක පොල්වත්තගේ