සූර පප්පලා සහ අපේ පප්පලා ... ඇත්ත කතාව - Lanka News Web (LNW)

සූර පප්පලා සහ අපේ පප්පලා ... ඇත්ත කතාව

අපේ උන් "ගෝල් දේශය" ගැන දන්නේ ඇස්ටරික්ස් හෙවත් "සූර පප්පා" කියන කාටූන් කථා මාලාවෙන් නිසා ඊනියා පප්පා ගමක් ලංකාවට සම්බන්ධ කරගෙන ටෝක්ස් දෙනවා .....

 

උන් දන්නෙ නෑ, සැබෑ ඉතිහාසයෙදි ඔය ගෝල් දේශය කියන භූමියේ හිටපු හතළිස් හත් ලක්ෂයක් ගෝත්‍රිකයන්, තම තමන්ගේ අතරේ පැවති උඝ්‍ර අසමගිය නිසා, රෝමානු හේවායන් ලක්ෂ තුනක් තරම සුළු පිරිසකට පරාජය වෙලා, අවුරුදු අටක් ඇතුළත, ජීවිත දොළොස් ලක්ෂයක් සමග මුළු ජන්ම භූමියම අහිමි කරගත්තා කියන එක.....

සූර පප්පා කියන්නෙ පිස්සු ප්‍රබන්ධයක් විතරයි..... ගෝල් දේශය හෙවත් වර්ථමාන ස්පාඤ්ඤය, ප්‍රන්සය සහ බෙල්ජියම කියන්නේ උනුන්ගේ අසමගිය නිසා වැනසිලා ගිය ස්වදේශිකයන් ඉන්න භූමියක්..... එතන වෙච්ච ලේ වැගිරීම යුරෝපා ඉතිහාසයේ වෙච්ච දරුණුම ලේ වැගිරීම් වලින් එකක්.....රෝමයට යටත් වුනාට පස්සෙත්, තවත් විසි ලක්ෂයක් අවුරුදු දොළහක් ඇතුළත සමූල ඝාතනය වුනා හෝ වහල්ලු විදියට රෝමයට දම්වැල් දාලා ඇදගෙන ගියා.....

ඔවුන් ඉතාම ශක්තිවන්ත ගෝත්‍රිකයන් තමයි.... එකතු වෙලා, එකා වගේ සටන් කරා නම් රෝමන් කාරයන්ට දුවන්න පාර මදිවෙන්න ගහන්න තිබුනා..... නමුත් ඔවුනොවුන්ගේ මිථ්‍යා විශ්වාස අතරේ තිබුණු ගැටුමෙන් සහ සුලු සුලු ආරවුල් දුර දිග යෑම නිසා ඇතිවෙච්ච මතභේද වලින් රෝමන් කාරයන් නියමෙට ප්‍රයෝජන ගත්තා.....!

- දමිත් කේතක

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb