හූ හූ ... අපිට අරාබියේ උංගෙ තෙල් නැති නැති උනාට ..... ??

හූ හූ ... අපිට අරාබියේ උංගෙ තෙල් නැති නැති උනාට ..... ??

12 May 2019 03:31 am

ඕගොල්ලො දන්නවනෙ.. මේ දවස් වල අපේ පුංචි පැංචියො ටික මුස්ලිම් ව්‍යාපාර වර්ජනේකට බැහැල වැඩනෙ. තමන්ටම කියල ජීවිතේ ආඩම්බර වෙන්න බැරි හරිහමං ජයග්‍රහන නැති ජාතිවාදී පුස් ඌරන්ට මේ දවස් වල ඉතිං 'පොර' වෙන්න තියෙන ලොකුම අවස්තාවක් තමා ඉතිං මුස්ලිම් කඩ වර්ජනේට අකුරකිං හරි දායකත්වය දීල "....මම මොනා නැතත් සිංහල ජාතිය වෙනුවෙන් අම්මටසිරිවෙන වැඩ කරපු මිනිහෙක් ඈ....." කියල හිත හදාගන්න එක....

 

මේ කතාවේ පාර්ශව දෙකයි(එහෙ මෙහෙ වැනෙන කෙලිං දෙයක් කියාගන්න බැරි හාල්පාරුවොත් ඉන්නව). වර්ජනේකට වචන හසුරුවන කඩප්පුලි පාර්ශවේ සහ වර්ජනේට විරුද්ද සාදාරන පාර්ශවේ.

කොහොම හරි මේ වර්ජනේට සමගාමීව රටේ අනාගතය ගැන කැක්කුමක් තියෙන පාර්ශවේ හෙවත් ව්‍යාපාර වර්ජනයට විරුද්ද සාදාරන පාර්ශවේ මේ සම්බන්දෙන් යොමු කරපු ප්‍රධානම තර්කයක් තමා මෙහෙ මුස්ලිම් කඩ වර්ජනේ කලොත් අපිට මුස්ලිම් රටවලත් එක්ක තියෙන අනෙකුත් ගනුදෙනු (සංචාරක, තේ, විදෙස් ශ්‍රමික, තෙල්) වලට ප්‍රශ්න එනව කියන එක. එතැනදි සාදාරන පාර්ශවේ විසින් කඩප්පුලි පාර්ශවේට යොමු කරපු තර්ක අතරින් එකක් තමා "....මෙහෙ මුස්ලිම් ව්‍යාපාර වර්ජනේ කලොත් අපිට අරාබියේ තෙල් දුන්නෙ නැත්නම් මොකද වෙන්නෙ....." කියන එක.

මේ තර්ක‍ය සුනු විසුනු කරල දාන්න සුවේච්චාවෙං ඉදිරිපත් වෙලා තියෙන එකෙක් තමා අපේ පැනිය මල්ලි හෙවත් නෙත් එෆ් එම් පුංච් වීරයා. පුංචි වීරය අන්තර්ජලේ විකිපීඩියා ආශ්‍රයෙන් ලබාගත් මහා දැනුම් සම්බාරය උපයෝගී කරගෙන මෙතන වම් පස දාල තියෙන පෝස්ටුවෙන් මේ නොකියා කියන්න හදන දේ පොඩ්ඩක් පැහැදිලි කලොත් සරලව මෙහෙමයි.....

".... හූ හූ... අපිට අරාබියේ උංගෙ තෙල් නැති නැති උනාට ලෝකෙ තෙල් නිශ්පාදනේ කරන්නෙ අරාබි උං විතරද... හූ හූ... තව රටවල් අම්බානෙක තියෙනවනෙ... හූ හූ... අපි මෙහෙ මුස්ලිම් වර්ජනේ කරල එලිවෙන ජාමෙට අරාබිය අපිට තෙල් දෙන එක නතර කලොත් අපි මේ විකිපීඩියා ලිස්ට් එකේ රටවල් වලට කෝල් කරල තෙල් ගෙන්න ගමු... හූ හූ එතකොට අරාබි උන්ටත් පාඩුයි... අපේ මුස්ලිම් උන්ටත් හොඳ පාඩම..... හූ හූ......"

හැබැයි මේ පීඩියාපෝ දෙන්න වටින විකිපීඩියා පුංචි වීරයගෙ රේඩාර් එකට අහු නොවෙන ලොකුම කාරනේ තමයි ලෝකේ තෙල් නිශ්පාදනේ කරන රටවල් කෙල කෝටියක් තිබ්බත් ඒ ඒ රටවල තෙල් බැරලයක් නිශ්පාදනය කරන්න යන වියදම එකිනෙක්ට අතිශයින් වෙනස් බව.( දකුණ් පස චායාරූපේ) හරියටම කිව්වොත් ලෝකයේ තෙල් නිශ්පාදනයේදී ඒකක බැරලයක නිශ්පාදන වියදම අවම රටවල් අතර මුල් රටවල් 5ම අරාබි රටවල්. කුවේටය, සෞදි අරාබිය, ඉරාකය, එමීර් රාජ්‍ය, සහ ඉරානය.

නිකරගුවාවෙත් තෙල් නිශ්පාදනේ කරනවා කියල මල හත්තිලව්වෙ අපි නිකරුගුවාවෙං තෙල් ගෙන්නන්නෑ. අපි ආනයනය කරන්නෙ අපිට අඩුම මිල තෙල් දෙන්න පුලුවන් එකාගෙං. අපිට නෙමේ ලෝකෙටම තෙල් අඩුවට දෙන්නෙ අරාබිකාරයො. එනයින් අපි දැනට තෙල් ගන්න ඕනෙත් අරාබිකායොන්ගෙන්ම තමා. පැණිය මල්ලිගෙ විකිපීඩිය ලිස්ට් බලල නෙමේ...??

මේ වගේ දෙකයි පනහේ පේජ් කාරයො මොනා හරි දැම්මම අම්ම තාත්ත කිව්ව දෙයක් වගේ බොක්කටම අරං ශෙයාර් කරන උංට, මුංගෙ මේ තර්ක වල පදනම ගූගල් දෙයියගෙං හොයල තේරුම් බේරුං කරගන්න අවශ්‍ය දැනුම හා වාසනාව හිමිවේවායි පතමින්....

ඒ වගේම නැති ප්‍රශ්න හදන සංකෑඳුරු හිඟන්නො වගේ වගේ ජාතිබේද බල බල කඩ වර්ජනේ කරන ගොං ආතල් නොගෙන නියම පාරිභෝගිකයෙක් විදියට තමන් වියදම් කරන මුදලට උපරිම සාදරනේ ඉශ්ට කරන ව්‍යාපරිකයා මොකා උනත් ඌ සමග ගනුදෙනු කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමින් මම අනිත් පැත්ත හැරිල නිදාගන්නව....

- පණ්ඩුල නයන බණ්ඩාර