නෙළුම් යාය - Lanka News Web (LNW)

කොළඹ නගරයේ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අපට අවසාන අත්දැකීම තිබෙන්නේ 2009 වසරේ පෙබරවාරී වලදීය. එම නිසා දැනට වයස 25 ට අඩු පරම්පරාවට මෙය තරමක් අලුත් අත්දැකීමක් වනවා කියා සිතමි. එම නිසා මෙම ප්‍රහාරය ‘දේශපාලනික’ අර්ථයකින් සිදු කෙරෙන්නක් බව වටහා ගැනීමට මේ පරම්පරාවට තරමක් අපහසු විය හැකිය. මෙය ‘දේශපාලනික’ යන්නෙන් අදහස් කරන්නේ මේ ප්‍රහාර කරුවන් මෙය සැලසුම් කළේ පවත්නා පාලන ගෝලීය තන්ත්‍රයකට, එවැන්නක් විසින් සිදු කරන මර්ධනය කිරීම් සහ බැහැර කිරීම්වලට ප්‍රතිචාර ලෙස, එවැනි පාලන ක්‍රමයක් විසින් ස්ථාපනය කරන සහ ප්‍රවර්ධනය කරන අදහස් සහ ආකල්ප වලට එරෙහි වන ප්‍රහාරයක් ලෙස යන්නයි. මෙය පුද්ගලික අරමුණක් වෙනුවෙන් (උදා: මත්කුඩු වෙළඳාමේ ඒකාධිකාරිය ගැනීම මගින් මුදල් හම්බ කර ගැනීම) සිදු කළ ප්‍රහාරයක් නොව ඔවුන් සිතනා පරිදි අසාධාරණයකට එරෙහිව, යුක්තිය වෙනුවෙන් සිදු කළ ප්‍රහාරයකි. ‘ත්‍රස්තවාදය’ යන්න අප ජීවත් වන යුගයේ බිහිසුණු දෘෂ්ඨිවාදී යෙදුමක් වී ඇති හෙයින් මේ කරුණ වටහා ගැනීම ඉතාම වැදගත් වේ.

සිදු වූයේ කුමක් ද යන්න දැන් ටික ටික පැහැදිලි වෙනවා. ඒ සිදු වූදේ ගැන අප සියලු දෙනා ම කණගාටු විය යුතුයි. ලජ්ජා විය යුතුයි. අවුරුදු තිහක පමණ දෙමළ ත්‍රස්තවාදයකින් පසු, එය පරාජය කිරීමෙන් පසු, අප සියලු දෙනා ම පරාජය වූයේ කොහොම ද? අපට ජාතියක් ලෙස කටයුතු කිරීමට තේරෙන්නේ නැහැ. එය තරමක කාලයක සිට එන ප්‍රශ්නයක්. එයට පිළිතුරු සෙවීමට තව කල් යාවි. එහෙත් අඩුම තරමෙන් යම් යම් දේ තේරුම් ගැනීමට උත්සාහ කරන්න ඕන. තරු පහේ හතරේ හොාටල්වල පහර දීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ විදේශිකයන් යම් ප්‍රමාණයක් ඝාතනය කිරීමයි. ඒ විදේශිකයන් බහුතරය ක්‍රිස්තියානි බව  දැනගෙන කළ වැඩක් වෙන්න ඇති. 

ලීනියර් ඇකසලරේටර් සම්මාදම් මාෆියාව ගැන යමක් සොයා බැලූ ආන්ඩුකාර මා හිතවත් රජිත් කීර්ති තෙන්නකෝන් ට මුලින්ම ස්තූතිය පුද කළ යුතුය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb