නෙළුම් යාය - Lanka News Web (LNW)

චතුර අල්විස් මුහුණු පොතේ දිලිත්ගේ කතාවක කොටසක් ප්‍රචාරය කරලා. එය දැනටමත් පනස්දාහකට අධික පිරිසක් බලලා. මගේ ලිපියක් කියවන්නේ දෙතුන් සියයක් පමණයි. දිලිත්ට ඇති සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය, මාධ්‍ය බලය ආදී කිසිවක් මට නැහැ. ආතලය කියන වචනයවත් මට තේරෙන්නේ නැහැ. දිලිත් හරි චතුර හරි එහි නිරුක්තිය පහදල දෙනව නම් හොඳයි. දිලිත් ජයවීර  කොළඹ ඇවිල්ල තියෙන්නෙ වයස දහඅටේ දී පමණ වෙන්න ඇති අර දෙහිවල බෝඩිමට. මා අවුරුදු හතේ දි පමණ කොළඹට එන්න පටන් ගත්තෙ. තාමත් එනවා. දිලිත් වගේ නොවෙයි සම්මත මිණුම් දඬු අනුව මා අසාර්ථක මිනිහෙක්.

රටේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න අමතක වෙන තරමට අපට එදිනෙදා කතා කරන්න දේවල් හැමදාම තියෙනවා. ඒ කතා කරන දේවල් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන එක් දෙයක් තමයි මෑතකදී සිදුවුණු මහා දියමන්ති මංකොල්ලය. 

රුපියල් දාහක් තිබ්බා කවුන්ටරේට. දාහම ඒගොල්ල තියාගත්තා. කාමරේට පන්සීයයි ඉතුරු පන්සීය ඩිපොසිට් එක. මෙතන ඉඳලා එක කතාවක් මිස් වෙනවා. ඒක ලියනවාද නැද්ද කියලා හිතනවා. ඒත් ඒක නොලියා ඉන්න එක සනීපෙට හොඳයි වගේ. 

අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත තමා කච්චතිව්. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටලා තිබෙන්නේ. ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණයි.

"දාසය දාහත වෙද්දීම, ලව් ඇෆයාර්ස් නිසා කෙල්ලො අතරමං වෙනවා ඇති පදං ගම්වල. හැබැයි අපේ ගමේ ඔහොම කරපු හුඟක් කොල්ලො ඒ කෙල්ලන්වම කසාද බැඳලා බලා කියාගෙන ඉන්නවා"
 - ගමෙන් නගරයට විත් කවි ලියන තරුණයෙක්

මහ පාන්දර තුනට අරලගංවිලෙන් පිටත්වෙන කළුනදී මුදලාලිගෙ අසෝක් ලේලන්ඩ් එක ආය නෑ පාරෙ යනව නෙවෙයි විදිනව. අපේ ගේ ඉඳිකඩේ ගාව ඉඳල බඹ දෙසීයක් වගෙ එපිටිං තියෙන රත්මල්තැන්න හන්දියට ඒ බස් එක එනකොට තුනයි විස්සට වගෙ වෙනව.
 
දෙකහමාරට එලාම් එක තියල ඇහැරිල කට්ට හීතලේම ගේ පිටිපස්සෙං ගලන ඩී හතර ඇලේ ඩ්‍රොප් එක ගාවට ගිහිල්ල මූණ කට හෝදල හිමිදිරි පාන්දර හීතලේම නාගත්ත. මගෙ නාන්ඩ අඳින නිල් ඉරි වැටිච්චි සෝට් බෑය දැන් ලූණු සිවියක් තරමටම සිනිඳු වෙලා ගිහිල්ල. වෙලාවක හරියට මැන්නොත් එහෙම ඒකෙ වා කවුළුවල වර්ග පලේ මම හිතන්නෙ කලිසමේ ඉතිරි හරියෙ වර්ග පලේට වඩා වැඩියි.
 
"මහත්තෙයගෙ මේ ප්‍රියතම  කොට කලිසම මහ රෑක මිසක්කා දවල් ඇහැ කණ පේන වෙලාවක නං අඳින්ට බෑ හිහ් හිහ්.."
 
මේ පෙරෙයිදද කොහෙදත් හවස් කරේ  පිළිකන්නෙ සේරු ගහේ ඉඳල එතන එහා පැත්තෙ තිබ්බ යකිනාරං ගහට බැඳල තිබ්බ නයිලෝං ලනු දෙපටෙ වනල තිබ්බ මගෙ ඔය සෝට් එක අතට අරගෙන ඇස් මානෙං උඩට අල්ලල හරව හරව බලන අතරෙ  වසන්ති කියාපි කට කොණකිං හිනාවෙවී.
 
"මේ ...හලෝ...නිකම් කෝචොක් දදා ඉන්න වෙලාවෙ  බොට නරකයි ඉදිකට්ටකුයි නූල් පොටකුයි අරගෙන නිකං ඉන්න වෙලාවක ඔය ඉරිච්චි තැං මහල දැම්මම?" 
 
මම රවාගෙන කිව්ව. ඒ යෝදි දන්නව ඔය මගෙ බොරු පාට් කෑලි කියල
 
"මහන්ට පුලුවං කමක් තියෙනවනං මම නොමහ ඉන්නවද මහත්තය? මේක මහන්ට බෑ. ඉදි කට්ටක් ගැහුවයි කියන්නෙ ආයමත් එතනිනුත් ඉරෙනව. …"
 
වසන්ති මට එදා ඉඳලම කියන්නෙ මහත්තය කියල..දැං අවුරුදුම මයෙ හිතේ තිස් දෙකක් වගෙ වෙනව..සෑහෙන කාලයක්..ඔව්..ජීවිත කාලෙකින් බාගයක් විතර…
 
කදුරුවෙල මහ ඉස්පිරිතාලෙ ඉස්සරහ ඒ දවස්වල තිබ්බ පී.එච්. ඉන් එක කියල බියර් අරක්කු එහෙම තියන රෙස්ටුරන්ට් එකක්. ඕකෙ උඩ තට්ටුවෙ බිලියඩ් මේසෙකුත් තිබ්බ. බිලියඩ් ගහන්ට සාමාජික ගාස්තුවක් හැටියට ඔය පොඩි ගාණක් අය කලාට පල්ලෙහා රෙස්ටුරන්ට් එකේ යාවජීව සාමාජිකයින්ට විසේස වරප්‍රසාදයක් හැටියට බෝල මේසෙ නොමිලේම සෙල්ලං කරන්ට අවස්තාව දීල තිබ්බ.
 
මම එතකොට වැඩ කලේ නව නගරෙ තිබ්බ කච්චේරියෙ. කච්චේරිය කිව්වෙ පොළොන්නරුව මහ දිසාපති කාර්යාලය. ප්‍රේමදාස මහත්තය ජනාධිපති වෙලා දිසාපතිල ඔක්කොමල දිස්ත්‍රික් ලේකම්ල කරපු කාලෙ උදාවුනේ  තව අවුරුදු පහක් හයක් වගෙ අනාගතේදි... 
 
මගෙ තනතුර ර.ලි.සේ දෙවන පෙළ "ආ" ඛණ්ඩය රජයේ ලිපිකරු. එහෙමත් නැත්නම් ඔය ඉඩම් බලපත්‍රයක් ගන්ට නැත්නම් ඇල්.ඩී.ඕ. බලපත්තරේ වැඩුමල් කොලුවගෙ නමට හරෝල දෙන්ට කියල හිතාගෙන උදේ ඉඳං කච්චේරියෙ රස්තියාදු වෙන අහිංසක මිනිස්සු කියන විදිහට කලාක් මහත්තයෙක්.
 
ඒ කාලෙ සතියකට දෙතුන් සැරයක් මම ලැම්බට් අයියයි පියතුංගයි එක්ක පී.එච්. ඉන් එකට ගිහිල්ල බොනව. ලැම්බට් අයිය හක්මණට එහා වලස්ගල. එතකොටත් මයෙ හිතේ අවුරුදු හතළිස් පහක් වගෙ ඇති. ජීවිතෙං අවුරුදු විස්සක් විසිපහක් විතරම ලංකාව පුරහම තියන කච්චේරි දහයක දොළහක විතර වැඩ කරලම මනුස්සය අන්තිමටම හෙම්බත් වෙලයි හිටියෙ. දරු මල්ලො බලන්ට යන්නෙ මාස දෙහෙකට සැරයක්. පඩිය අරගෙන විස්ස විසිදෙක වගෙ ගෙදර ගිහාම ආයෙ එන්නෙ ඊලඟ මාසෙ තුන හතරවත් පහුවෙලා.
 
"මල්ලිලා කිව්වට විස්වාස කරන එකක් නෑ...මම ගෙදර ගිහාම මගෙ ළමයින්ට නිකං මහ අමුතු දෙයක් වගෙ. කොටින්ම මගෙ බාල කෙල්ල...දැං ඒකිගෙ වයස යන්තමට හතරක්ද පහක්ද කොහෙද... මුල්ම සතියක් හමාරක් විතර මාදිහා බලන්නෙ අමුතු සතෙක් දිහා බලනව වගෙ. ඒකිට මාව පුරුදු වෙන්ටයි මට ඒකිව පුරුදු වෙන්ටයි ඔන්න කොහොමත් අඩුම තරමෙ දවස් එක දහයක් දොළහක් විතරවත් යනව...."
 
ලැම්බට් අයිය අපි එක්ක ඔහොම කිව්වෙ වරක් දෙවරක් නෙවෙයි. ඒත් එහෙම කිව්වෙ දුකකින් කණගාටුවකින් එහෙමනම් නෙවෙයි...හිනාවෙවී..මනුස්සයගෙ හැටි එහෙම තමයි...
 
"ඒත් වැඩේ කියන්නෙ කෙල්ලට අයියව පුරුදු වෙනකොට අයියට ආයම මෙහෙ එන්ට කාලෙ හරි"
 
පියතුංගය එහෙම කියල හක හක ගාල හිනාවෙනව. පී.එච්. ඉන් එකේ කෙලවරේම මේසේ ඉඳගෙන තට්ට තනියමම ගල් බාගයක් ගහන කාකි ෂෝටක් ඇඳපු ලංසි පෙනුමක් තියන වයසක අංකල් එක විඩේම ඔලුව උස්සල බලල ආයෙම රවුම් මේසේ උඩ තිබ්බ බාගෙට හිස් වෙච්චි වීදුරුව දිහාට ඔලුව පාත් කර ගත්ත.
 
සති අන්තෙ සිකුරාද ඔය මධු සාදයෙන් පස්සෙ පියසේනයයි ලැම්බට් අයියයි අනිවාර්යයෙන් යන ගමනක් තියනව. පළුගස්දමන ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහායින් තියෙන තැනකට තමයි ඔය දෙන්න යන්නෙ. ආය ආපහු අපෙ නවාතැනට ඔවුං දෙන්න එන්නෙ සෙනසුරාද දහය එකොළහ වගෙ වෙනකොට…
 
"ඒයි ජයේ උඹත් යමං බං...ඕක මේ ඔය හැටි සීරියස් හිතන්න ඕන දෙයක් නෙවෙයි බං...ජීවිතේට එහෙම ආතල් එකකුත් තියෙන්න ඕන.."
 
ලැම්බට් අයිය අනන්ත මා එක්ක එහෙම කියල ඇතිි. ඒත් මට කොහොමවත් එහෙම ගමනක් යන්ට හිත හදාගන්ට බැහැ. සුබා පිළිබඳව සොඳුරු  මතකය කාලාන්තරයක් ගත වෙලත් තවමත්  වරකපිටිය රජමහ විහාරෙ  වස් පිංකම් දා රෑ දොරගමු කන්ද ඒකාලෝක කරගෙන  පිපිරිලා යන මල් වෙඩිල්ලක් වාගෙ දවසකට හත් අට සැරයක් වත් මගේ පපුව පුරා පිපිරිලා සුවඳ හමන එකේ මම කොහොමද එහෙම දේකට හිත හදා ගන්නෙ?
 
ඒත් ඕනම දෙයක් වෙනස් වන සුළු අවස්ථාවක් අවසානයේදි එළඹෙනවයි කියල කියනවනෙ. එහෙමද ඒත් නැත්නම් ඒ අදාල දිනයෙදි මගේ මධුවිත ගැනීම පමණ ඉක්මවා ගියද කියල මට තව වෙනකලුත් හරියටම කියන්ට අමාරුයි. බොහෝ විට මේ කාරණා දෙකම සම සමව හෝ අඩු වැඩි වශයෙන් බලපාන්ටත් ඇති. කොහොම හරි අන්තිමේ දි සිද්ද වුනේ මම පහුවදා උදේ ඇහැරිනකොට හිටියෙ  නුහුරු නුපුරුදු සයනයක  වැතිරිලා. 
 
මම එහෙමමම විපිළිසර වෙලා වටපිට බලනකොට නිල්පාට මල් වැටුනු ගවුමක් ඇඳ ගත්තු තරුණියක් හිනාවීගන කාමරේට ආව. 
 
"ආ මහත්තය නැඟිට්ටද? මම මේ කහට එකක් හදන්ට වතුර ලිපේ තියන්ට ගියා…."
 
එදා ඉඳල ඒ කියන්නෙ මේ වෙනකොට අවුරුදු තිස් දෙකක් වෙනව. තවමත් වසන්ති මට කතා කරන්නෙ මහත්තය කියල..ඊට පස්සෙ මගෙ ජීවිතේ මොන තරම් දේවල් වෙනස් වුනාද? 
 
සිරිලාල් කොඩිකාර මහත්තය ලියපු  ස්වයං ලිඛිත චරිතාපදානය එතුමා නම් කලේ "දියවැලක් ඔස්සේ ..." කියල. ඒ පොතේ ප්‍රස්තාවනාවෙ ඒ මහත්තය ලියල තිබ්බ දිය වැලකට අහු උනහම අපිට ඊට විරුද්ධව පීනන්ට බැහැ. ඔහෙ කොයිම වෙලාවක හරි දියවැලේ බලය සහ ශක්තිය හීන වෙලා යනකල් කොහොමින් කොහොමින් හරි ජීවිතේ ආරක්සා කරගෙන දිය වැලත් එක්කම ගහගෙන යන්ට ඉඩ දීල උපේක්ෂා සහගතව බලා ඉන්න එකයි කරන්න තියෙන්නෙ කියල. 
 
මමත් කවදක හරි මගේ ජීවිත කතාව ලියනවනම් සුදුසුම නම තමයි ඒක. "දිය වැලක් ඔස්සේ..." මොකද මගෙ ජීවිතෙත් එදා ඉඳලම සිද්ධ වුනේ දියවැල්වලට අහුවෙලා මම නොහිතූ පැති වලට ගහගෙන යන එක. මම කලේ එහෙම ගහගෙන යන්ට ඉඩ දීල නිසොල්මන්ව සන්සුන්ව උපෙක්ෂා සහගතව ඒ දිහා බලා ඉඳපු එක..
 
"ජයසේන මහත්තයට දිසාපතිතුමා එන්න කිව්ව …"
 
අපේ පියන් නොහොත් කාර්යාල කාර්ය සහායක තැන්පත් තේනබදු අයියා මගේ මේසෙ ළඟට ඇවිල්ල පහත්වෙලා රහසින් වගෙ කිව්ව. 
 
"හ්ම්ම්ම්ම්.....හරි තේනබදු අයිය.....මම ගිහිල්ල බලන්නම්කො.."
 
මම එහෙම කියල මම කර කර හිටපු ඉඩම් සංවර්ධන බලපත්‍ර නාම ලේඛණය හැදීමේ වැඩේ නතර කරල  අදාල  ලිපි ගොනුව එහෙම්මම වහල දාල අසුනින් නැඟිට්ට.
 
"මොකක්ද මහත්තය කේස් එක?"
 
තේනබදු අයිය ආයෙමත් මගෙ කණට ලංවෙලා ඇහුව. හීං මත්පැන් සුවඳක් හමාගෙන ආව. ඔය වැඩේ ඔෆිස් එකේ කාටවත්ම රහසක් නෙවෙයි. හවස දෙක පහුවෙන කොටම තේනබදු අයිය හැල්මෙ දුවන්නෙ කුසුමක්කගෙ හොර පොට් එකට. ඊට පස්සෙ තුනට ආයම යනව. හතරට වැඩ ඉවර වෙලා යන ගමං ආයමත් කුසුමක්කගෙ සැපදුක් බලල තමයි මනුස්සය ගෙදර යන්නෙ. ගෙදර තිබ්බෙ ඔන්න ඔය උණගලා වෙහෙර දිහාවෙ. දඹුල්ල පාරෙ තියෙන ජයන්තිපුර හන්දියෙන් හැරිල යන්න ඕන තවත් හැතැක්ම හත අටක් විතර.
 
"මම කොහොමද බං ඒක දන්නෙ?"
 
මම හිනාවෙලා එහෙම කිව්වට ජී.ඒ. මහත්තය කතා කරන කාරණේ මම සහසුද්දෙන්ම දැනගෙන හිටිය. අපේ ඔෆිස් එකේ ඔය ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් නොහොත් පෞද්ගලිකයි රහසිගතයි වැඩ නෑනෙ. විශේෂයෙන්ම ලැම්බට් අයියගෙ තිබ්බ ඉතාම ප්‍රබල රහස් ඔත්තු ජාලයක් නොහොත් ස්පයි නෙට්වර්ක් එකක්. ඒ රහස් ඔත්තු ජාලය හරහා ලැම්බට් අයියට ඔෆිස් එකේ වෙන දේවල් වගේම ඉස්සරහට වෙන්න යන දේවල් ගැනත් ඉතාව නිරවද්‍ය තොරතුරු අසුරු සැණෙන් ලැබෙනව.
 
"ජයේ මල්ලි උඹට විරුද්ධව පෙත්සමක් ඇවිල්ල තියනව ජී.ඒ.ට.."
 
දවස් දෙක තුනකට ඉස්සෙල්ල රෑට කාල මිදුලෙ සේරු ගහ යට පිටපළුවකින් හදපු බංකුවෙ ඉඳගෙන තෝපාවැව දිහායින් හමාගෙන එන හීතල හුළඟින් කමිස රහිත උඩුකය කිළි පොලද්දී ගෝල්ඩ් ලීෆ් එකක් අදින ගමන් ලැම්බට් අයිය මා එක්ක එහෙම කිව්ව....ඒ පෙත්සමේ තියෙන්නෙ මොනවද කියලත්  අකුරක් නෑර ඒ එක්කම මා එක්කල කිව්ව.
 
ජී.ඒ. මහත්තයගෙ කාර්යාල කාමරේ තිබ්බෙ මම වැඩ කරපු ඉඩම් අංශය තිබුනු තනි තට්ටුවෙ ගොඩනැඟිල්ලෙ නෙවෙයි. යාර තිහක් හතළිහක් වගෙ දුරින් තට්ටු තුනට අලුතින් හදපු ආයත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක තුන්වන තට්ටුවෙ. තුන්වෙනි තට්ටුවට යන්ට සෝපානයක් තිබුනත් මම කවදාවත් ඒ සෝපානය පාවිච්චි කලේ නෑ. තට්ටු තුන හෙමිහිට නැඟල දිසාපති තුමාගෙ ගාම්බීර කාමරේ ඉස්සරහ මම නැවතුනා.  
 
සුනිල් ගුණසේකර...දිසාපති පොළොන්නරුව... ශ්‍රී ල.ප.සේ.
 
"ආ..ඉලන්දාරිය..එනව එනව.."
 
කාමරේ ඇතුලෙන් ජි.ඒ. මහත්තයගෙ ගැඹුරු කටහඬ ඇහුන. මම හිතන්නෙ වවුල් දොර නොහොත් සැලූන් දොර පලු දෙක අස්සෙන් මාව දකින්න ඇති. මම හෙමීට වවුල් දොර පළු දෙක තල්ලු කරගෙන ඇතුලට ගියා.
 
දිසාපතිතුමා පුටුවෙ හරි බරි ගැහිල ඉඳගෙන බිලියඩ් මේසයක් විතර විසාල මේසෙ ඉස්සරහ තිබ්බ පුටු දිහාට අතක් දික් කරල මට ඉඳගන්ට කියල සංඥා කලා. 
 
"ස්තූතියි සර්.." මම එහෙම කියල ඉඳගත්ත.
 
"ජයසේන ඉලන්දාරිය...ඔහෙට විරුද්ධව බොහොම බරපතල චෝදනාවක් ඇවිල්ල තියනව…."
 
වැලමිටි මේසෙ උඩ තියල දෑතෙ ඇඟිලි දහය පටලවල ඒ උඩ නිකට තියාගෙන එතුමා කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්.......
 
පසු සටහන - 
 
ජීවිතේ අමතක කරන්ට කියල හිතාගෙන හිතේ මුල්ලක සවිකරල තියන පරණ අනවශ්‍ය මතක සේප්පුවෙ දොරගුළු දාල වහල දාපු පැරණි සොඳුරු මතක සටහන් එක සැණෙකින් සේප්පුවෙ අගුළුත් කඩාගෙන දොරත්  බිඳගෙන එළියට ඇවිල්ල අපි ඉස්සරහ සමච්චලේට හිනා වෙවී එහාට මෙහාට සක්මන් කරන්ට පටන් ගන්නව. එහෙම වෙන්ට මහ ලොකු භූමිකම්පාවක් යමහල් විදාරණයක් වගෙ බරපතල සිද්ධියක් වෙන්ටම ඕන නෑ. මේ බොහොම සුළු දෙකයි පණහෙ කේස් එකක් සීන් එකක් හොඳටම ඇති . කොටින්ම වැඩිත් එක්ක.
 
ආතර් සී. ක්ලාක් මහත්තයගෙ මම කියවපු පළවෙනි පොත "Deep Range"... සිංහල පරිවර්තනය "ගැඹුරු මුහුද" පරිවර්තනය කලේ සිරිල් සී. පෙරේරා මහත්තය.
 
ඒ කතාවෙ ප්‍රධාන චරිතයෙ නම ප්‍රෑන්ක්ලින්. ප්‍රෑන්ක්ලින් අභ්‍යාවකාශ ගාමියෙක්. සෙනසුරු ග්‍රහයා වෙත ගිය අභ්‍යාවකාශ ගමනකදි යානයෙ අළුත්වැඩියාවකට යානයෙන් පිටතට එන ප්‍රෑන්ක්ලින් යම් අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන අභ්‍යාවකාශයෙ අතරමං වෙනව. 
 
එහෙම අතරමංවෙලා ඔහුට ඉන්න වෙනව පැය දොළහක වගෙ කාලයක්. ඊට පස්සෙයි ඔහුව බේරාගනු  ලබන්නෙ. මේ සිද්ධිය ඔහුගේ මානසික තත්වයට ඉතාම දැඩිව බලපානව. තමන්ව කවදා බේරාගනීවිද එහෙම නැත්නම් ඔක්සිජන් සැපයුම ඉවරයක් වෙනකල් අනන්ත තරු පිරි අභ්‍යාවකාශෙ පාවෙවී කොච්චරකල් නම් ගෙවන්ට සිද්ද වෙයිද කියල හිතෙනකොට මනුස්සයෙක්ගෙ ඔලුව නරක් උනේ නැත්නම් තමයි පුදුමෙ. 
 
ප්‍රෑන්ක්ලින්ව බේරගත්තට පස්සෙ ඔහු මේ මානසික අවපාතනයට ඉතාමත්ම දැඩි ආයාසයකින් මුහුණ දීල හිතපාලනය කරගෙන රෝගී තත්වයෙන් මිදෙනව.  පස්සෙ ඔහු අභ්‍යාවකාශගාමී ජීවිතයෙන් සමු අරගෙන කසාදයක් එහෙමත් කරගෙන අවුලක් නැතුව ජීවත් වෙනව. ප්‍රෑන්ක්ලින් කරන්නෙ ඒ අමිහිරි මතකය තමන්ගෙ හිතේ කොනක යතුරු දාල වහල තියල එහෙම දෙයක් සිද්ධ වුනේ නෑ කියල දැඩිවම හිතාගෙන ජීවත්වෙන එක....
 
ඒත් එක දවසක ඒත් එක දවසක තම පෙම්වතිය එක්ක මුහුදු වෙරළක සිටියදී ඇය වතුර උණු කිරීම පිණිස දල්වන උදුනක ඉන්ධන සුවඳින් ඔහු නැවත වාරයක්  ඒ අමිහිරි අතීතය වෙත බලෙන්ම කැඳවාගෙන යනු ලබනව. එයින් ඔහුගේ මානසික තත්වය යලි අවුල් වෙනව. ඔහු ඒ තත්වයට මුහුණදෙන ආකාරය තමයි පොතේ කථා තේමාව. තමන්ගේම අමිහිරි අතීතය සමඟ යම් එකඟතාවයකට, සමාදානයකට  එළඹීම.... Coping with your own unpleasant past....
 
ප්‍රෑන්ක්ලින්ට සිද්ධ වුන දේම මටත් සිද්ධ වුනා මේ පහුගිය දවස් හතර පහකට ඉස්සෙල්ල. ඒකට හේතු පාදක වුනේ හැබැයි තීන්ත සුවඳක් එහෙම නෙවෙයි. මුහුණු පොතේ පළවූ ඡායාරූප කීපයක්. මේ දවස්වල මහනුවර නගරය වගේම ඒ තදාසන්න ප්‍රදේශවලත් රබරෝසියා මල් පිපිල. ඔය රබරෝසියා මල් හැම අවුරුද්දෙම පිපෙන්නෙත් නෑ. සමහරවිට අවුරුදු හත අටකට සැරයක් වෙන්න පුලුවන්. එහෙම නුවර නගරය පුරා රබරෝසියා මල් පිපිලා තිබුනු එක්තරා දුර අතීතයේ දවසක  මතක සැමරුම් ගැන තමයි මම මේ ලියන්න ගත්තෙ....
 

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb