ජිනදාස; ආසාව විනාස කළ
නන්දාව වරා මලක් කොට
උඩු හුළඟේ පාවෙන්න ඉඩ හැරිය
සිංහලේ වෙළෙදාම;
මුඩු බිමක මිලා'ධික මල් සිටවුව
පොහොරලන්නටවත් මුදල් නැති වුව
ගිංගඟ ඉවුරු අසබඩ
ඇවිලුණු සටන් පෙරදින
ගගදිය රතුම රතු කර
කාටත් හොරා වියැකුනි....
ලෝහිත කදුළු දාහය
සම සමව මුසුවු මෙනුවර
තාමත් කතා නැති ගහකොළ
විළිඹරිත වී සිටිත
වසත් කාළයම එනතුරු
මුදාලන්නට නිසි අලුත් ඵල.........
මලක්වත් නොපිපෙන එක් අඳුරු දවසක
ඔබ ඇවිත් හදිසියේ ආකහෙන් බැසගෙන
නම කියා කතා කරනා තුරුම මෘදු ලෙස
නොපිපෙන්න ගිවිස සිටි සින්ඩරෙල්ලාය මම.
කලා උපාධිය
ටියුලිප් බෑගයේ ඔබාන
ගමරට බලා යයි තනිවම
චුල්ල ධනුග්ග "කුමාර".
රෑ කණිසමට දොර වැහුවම තැබෑරුම
එළියට පැමිණ උරමින් අවසාන දුම
පොරවා හිතම වැසෙනා පරිදි හිස්කම
ඔරවා බලමි මූසල කලුවරට මම
ඔව්, මහත්තුරුණි නුඹලාට අනුව අපි හැඩි දෙමළු
එපාද ඉර පායන්න අහසෙ බණ්ඩාරවෙල බදුළු
අකුල් ගානේ හැම දෙමළියෙකුටම දුන්නා කැකුළු
මැස්සොද අපි සිංහ කූඩුවල බැඳුණු දැල්වල මකුළු
මකා දැමු සමතෙක් වෙත්ද ලොව
ප්‍රේමයක සටහන්..
ඉඩක් ඇත්නම් යළිදු එනු මැන
පෙම් සැනකෙලිය අරන්...
නැට්ට කඩා දත් දෙතිසක දැව ටීම
ලෙල්ල ගසා අමදින්නට කොහු දීම
කුඩ්ඩ තබා උතුරන්නට කිරි දීම
කට්ට කඩා ඇවිලෙන්නට ගිණි දීම