හිස් තැනක ගිලී යමි - වර්ණ රසිකා ගුණවර්ධන - Lanka News Web (LNW)

හිස් තැනක ගිලී යමි - වර්ණ රසිකා ගුණවර්ධන

ගිලී යමි
හිස් තැනක ගිලී යමි
පතලක් නැති
අඳුරු ශූන්‍යයක.

 

අන්තිමම රුවලත් දියබත්ව
පිදුරුගස් සියල්ලම අහිමිව
හදිසියේ දිනයක අවදිව
සිහි එළඹ ගන්නට සිදුව.

නාටකය නිමා නොවුනද
රඟහල හිස්ව
පා ගමන ඉතිරි වූවද
අඩි පාර නිමව.

හර සුන් සාද කතා
අවසන්ව.
බර වචන සල්ලාප
පිළිකුල්ව.

ගිලිහෙන්න පෙර
මිලිනව
ලංවෙන්න පෙර
එළඹ.

ගිලී යමි
මතු නොවන සේ ගිලී යමි
පතලක් නැති
අඳුරු ශූන්‍යයක.

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...