දුටු ගැමුණු ගේ හෘදය සාක්ෂිය - ජයන්ත කහටපිටිය. - Lanka News Web (LNW)

දුටු ගැමුණු ගේ හෘදය සාක්ෂිය - ජයන්ත කහටපිටිය.

" ඒ කර්මයෙන් ස්වර්ග මාර්ගාන්තරයෙකුත් නැත්තේය. ජන ශ්‍රේෂ්ඨය: මරණ ලද මිනිසුන් එකෙක් හා අඩක් වන්නේය . තිසරණ පිහිටි එකෙක, තිසරණ පංසිල් පිහිටි අනිකෙක. සෙසු මරණ ලද්දාහු මිත්‍යා දෘෂ්ටි දුස්සීල වූ සිවුපාවුන් සමයෝය." ( රහතුන් අට නම)
මහා වංශය MV: XXV 109-111

 

යුද මතක ඝර සර්පයෙක්ය
ගැලවී ගත නොහී නිදි බිඳින
මධු බඳුන් හෝ ළඳුන් මුවාවේත්
දරණ ගසා විස දළ මානන

දා ගැබ කරඬුවක
සැඟවී සිටින
වැව් හොරොවුවේ නිධන් ගත
බහිරව සාපයකි ඒ මතක...

රහතුන් සපථ කර කියූ වත්
බුදු වදනට වස මුසු කර
මළ ගණන එකෙක් හා අඩක් බව
මහාවංශයෙ ලියවුණත්
තුටින් දෙව්ලොව යන බව
මා තමයි සදාකල් ලේ ගලන යුධ ගොදුර...

යුග ගණන් පවතින විරසකේ
ඇවුළුවේ මා නොවෙයි
විජිත පුර ජය අරන් මම ආවෙ
එළාර සෑයෙහි ⁣වෛරය වල දාලා...

මට ඕනැ වුණේ නිදොස් වෙන්න
මිරිස් මාළුවකට දාගැබක් පිදුවේ
ගිමන් හල් වෙද හල් දොරින් දොර නැගුවේ
සාමයෙන් දෙනෙත් පියා ගන්න...

පිය රජු මා හා බිඳෙවුවේ
සාලිය මගෙන් වෙන් කළේ
ඉතිහාසය නැවත ලියූවේ
මම යුධ වීරයෙක් කළේ කවුද?

ශ්‍රී කෘෂ්ණ අර්ජුනට කිවු පරිදි
තෙර නමක් අශෝකට දෙසු පරිදි
යුද්ධයක කැළල මැකිහැකිද?

බොහෝ යුද්ද වාගෙම
මේකත් එක රටේ උන් අතර යුද්ධයක්
යුගයෙන් යුගයට වෛරය ඇවිලුවේ
ප්‍රශස්ති වන්දි භට්ට පිරිසක්...

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...