මන්දෝදරී මට දැනෙනවා - උපේක්ෂා ඉමාලි - Lanka News Web (LNW)

මන්දෝදරී මට දැනෙනවා - උපේක්ෂා ඉමාලි

මන්දෝදරී මං කියන්නම්
එතන තිබුනා ප්‍රේමයක්
සයනයෙන් කෙලවර නොවන
මහා වටිනා ස්නේහයක්

 

මන්දෝදරී මට දැනෙනවා
ඔබ දුකින් ඉන්නා වග හුඟක්
ඒත් මට උවමනා උනෙ නැ
වෙන්න රාවණ පතිනියක්

 ශුද්ධ ගිනි මැල වටා ගොස්
පෙරදාක ඔහු හා වට හතක්
පොරොන්දුව දෙවියන්ට දුන්නා
රාමා හා ඉන්නා ලෙසක්

රැගෙනවිත් මා තබා තිබුනත්
අඳුරු සීතල ගුහාවක්
වචනෙකින් වත් කිව්වෙ නෑ මට
හිත බැඳෙන එක කතාවක්

ඔබ ගැනයි දරුවන් ගැනයි ඔහු
සිත සිතා හැම වතාවක්
යෙහෙලියක ලෙස සැලකුවා මට
නොපෙන්වා දුක් වෙන වගක්

රැගෙන මා යළි මගේ දේසෙට
රාමා ගෙන ගිය පසු උනත්
හැමවෙලේකම මතක් වෙනවා
අහිමි මාහැඟි ප්‍රේමයක්

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...