නුඹත් සඳ මෙන් - සම්පත් කුරුප්පු ආරච්චි - Lanka News Web (LNW)

නුඹත් සඳ මෙන් - සම්පත් කුරුප්පු ආරච්චි

කපු‍ටු කූඩුව පහළ ගල් උඩ පහන් වල හිත් බිඳී වැතිරී
ගිතෙල් තිර වරදක් කළා මෙන් ඒ අසල පැත්තකින් ඇතිරී
එ'සඳ පෙරදා සේම නුබ ගැබ නුඹේ මෘදු වත සේම ඉහිරී
කඳුළු පැන් මල් මත වැටෙන විට මලට එය බර වැඩියි සොඳුරී..

පපුව පිච්චෙන හඳුන් කූරක ඉර‍ටු හදවත වැටෙයි දියවී
සුළඟ සුසුමක් සලන්නට ඇති පරණ උරහිස උඩට බරවී
මලසුනක් මත ඉකි බිඳින සුදු නෙළුම් මලකට වචන හිරවී
දෙහිරු කුමරුන් අසල ගොලුවී පතයි අවසර යන්න පරවී

ආත්මය මත හැපී වද දෙන සරුව පිත්තල හීන වලදී
ගාණ්ටාරය පවා හැඬුවේ වෙන්ව යන්නට තමයි මග දී
සුළඟ මැද වුව හොඳම බෝ කොළ බව්න් වඩමින් සිටින විටදී
නුඹත් සඳ මෙන් වැවෙත් අහසෙත් එකට ඉන්නා එකයි වැරදී

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

අරුන් ‘ආවා-ගියා‘ වේවිද?

පෙබරවාරි 12, 2019

උතුරේ තරුව - අරුන් වෙත ආදරයෙන් ලියමි!

මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ. හැබැයි වැරදි වැඩට අපි සම්බන්ධ නෑ - ලක්ෂ්මන් යාපා

පෙබරවාරි 13, 2019

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා...

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි.

පෙබරවාරි 11, 2019

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක...