ටික ටික .... - රුවන් බන්දුජීව - Lanka News Web (LNW)

ටික ටික .... - රුවන් බන්දුජීව

කිසිවෙක් සිහින දකිද්දී ගොඩ ගොඩ
සමාන අන්තර අතර පතිත කරමින් අළු ටික
කැරකෙමින් පසුපසට ටික ටික
චාරිකාව නිමා කරයි - මදුරු දඟරයක් හෙමිහිට

 

එළවළු ටික - පලතුරු ටික - හාල්මැස්සො කරවල ටික
තේ කොළ සීනි පිටි ටික සූදුරු ටික මහදුරු ටික කහ කුඩු ටික ලුනු කුඩු ටික
දෙහි මිරිස්, තක්කාලි ගෙඩි ටික - අල ළුුනු, නූඩ්ලස් පැකට් ටික
පොල්තෙල් භූමිතෙල් ටික - පෑන් පැන්සල් පොත් ටික
විවිධාකාර බිල් ටික සහ විෂමාකාර බේත් පෙති ටිකට එරෙහිව
ඊයෙ රෑ හරි ෂෝක් බණ ටික

පොඩි ඉස්කෝලෙක අඩුපාඩු ගොඩ හදාගන්න
අමාරුවෙන් පාස්කරගත්තු සල්ලි ටික
පොඩි පොඩි ඇපල් කෑලි හැපෙන මලානික බීම ටික - මාරි විස්කෝතු ටික
ක්‍රේප් පටි ටික - ඇන්තූරියම් මල් ටික - ක්‍රෝටන් ගහක අතු ටික
ගුරුවරුන් ටික දෙමව්පියො ටික පොඩි එවුන් ටික පොඩි උන්ගෙ නැටුම් ටික
ආරාධිත අමුත්තන්ගේ කතා සේරොම ගොඩ ගොඩ

නොම මුණගැසුණු තැන ගින්දර
මාරාන්තික තුවාලයකින් වෑහෙන
ලේ ගොඩක් වඩාගෙන
කතුරු තුඩු අග ගුලිවෙයි
කපු පුළුන් ටික

සැණකෙළිභූමිය පමණි වෙනස්
මැරිගො රවුම්වල
එකම සත්තු ටික

ගොඩාක් දේවල් ඉතිරි වෙන්නනම්
ඔබේ ප්‍රියතම බැල්මෙන්
ඇය බලාගෙන ඉද්දිම
ගොඩාක් මීදුම ගලන තැනකදී
ඇයට නොපෙනී යන්න ටික ටික .......... !

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

අරුන් ‘ආවා-ගියා‘ වේවිද?

පෙබරවාරි 12, 2019

උතුරේ තරුව - අරුන් වෙත ආදරයෙන් ලියමි!

මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ. හැබැයි වැරදි වැඩට අපි සම්බන්ධ නෑ - ලක්ෂ්මන් යාපා

පෙබරවාරි 13, 2019

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා...

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි.

පෙබරවාරි 11, 2019

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක...