වැවු බැම්ම මතදී දුටු සිහිනය

වැවු බැම්ම මතදී දුටු සිහිනය

17 January 2019 06:43 am

දවසක් දා වැවු බැම්මේ 
සූස්තියක් උරණා විට
දිය මත පාවෙන බුජුමක්
මා නෙත ගැටුණා..!
සරම ලියා ගොඩින් තියා 
අමුඩෙ ගහං බැහැල වැවට
පීනාගෙන බුජුම ළඟට
මං ළඟා වුණා 
 
පෙනුමෙන් ඇන්ටික් ගතියත්
මලකඩ බැඳි කළු පැහැයත්
අතරින් විහිදුණු දිස්නෙට
මං වසඟ වුණා !
 
බුජුමේ බර වැඩි නිසාම‍
ලිස්සන ගතියත් නිසාම
බුජුම ඉනේ ගැටගහගෙන 
ගොඩට පීනුවා 
 
දියෙන් ගොඩට ආ හැටියෙම
"බුජුමේ තියෙන්නේ මොනවද.?” 
කුතුහලයෙන් තෙරපුණු මම
එය විවර කළා 
 
මූඩිය ගැලැවුණු සැනින්ම
අහස පොළව ගුගුරාගෙන
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු වුණා 
 
කෙල්ල බියුටි ෆුල් නිසාම
මම අමුඩෙ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැඟවී ගත්තා 
 
"අනේ අලෝ ගොඩට එන්න
මම නෑ මොකවත් හිතන්නේ
යූ ආර් මයි හීරෝ නේ "
 කෙල්ල කියනවා 
 
ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලක් විලසින්
මම ගොඩ ආවා 
 
"යක්‍ෂයෙකුගෙ මන්තරයෙන්
මම බෝතලේ හිරවුණානෙ
ඔයා මාව බේරුවානේ"
 කෙල්ල කියනවා
 
"මා බේරාගත් නිසාම
ඔයා හරි කියුට් හින්දම 
උම්ම එකක් දෙන්න හිතයි !" 
කෙල්ල කියනවා
 
සම්මජ්ජාතියක මාව
කෙල්ලෙක් නම් ඉඹල නෑනෙ
එහෙවු එකේ මටත් මේක
පල්ලමක් වුණා
 
උම්ම එකට රෙඩි වෙන්නට
දත කට මැදගත්ත මෙමා
හෙමින් හෙමින් කෙල්ල ළඟට
යාත්‍රා කළා 
 
මාස්මෙලෝ වගේ සිනිදු
රෝස පාට තොල් දෙකකින්
මගෙ සියොළඟ ඉඹිමින් ඈ
මා ඔකඳ කලා ! 
 
දෙන දෙයියෝ දෙනකොට නම්
ටොකු ඇන ඇන දෙවනවාලු 
නොහිතපු විලසින් උම්මා
තොගයක් ලැබුණා
 
ඒ වගෙ රටආතල් නම්
මම කිසිදින විඳල නෑනෙ
අනේ ඉතින් කෙල්ල මාව
අපහරණෙ කලා !
 
හිත සතුටින්, ඇගේ අතින්
අපහරණය වන අතරේ
බඩට වැදුණු තඩි සොටකින්
මම අවදි වුණා 
 
ඇඩ්ඩිං මාමගෙ එළු දෙන
මගේ මූණ ලෙවකනවා
තව එළු රංචුවක් මදෙස
බලා සිටිනවා 
 
මල් උරලා වැඩිවීලා
වැවු බන්ටෙක මත නිදලා
මම ලොකු හීනයක් දැකපු
බව හැඟී ගියා 
 
එදා පටන් අද වන තුරු
නෑ මම මල් දුම් ඉරුවේ
දැන් මම මල් දකින කොටත්
වමනෙ කරනවා
 
ප/ලි - මගේ මිතුරෙකු හට සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මම ලියූ මෙවුව එකකි !
ප/ප/ලි - බුජුම යනු ගුරුලේතුවක් බඳු මෙවුව එකකි
 
https://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html